Author: VNews

මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු මෙම වසරේ පළමු සතිය තුළ හඳුනාගෙන තිබෙනවා . එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. අදාළ කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 440ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 433ක් වාර්තා වී තිබෙනවා. මෙම දිස්ත්‍රික්කද ඇතුලත්ව දිස්ත්‍රික්ක 6 කින් 100 ය ඉක්මවූ ඩෙංගු රෝගීන් හදුනා ගැනීමද විශේෂත්වයක් .

තව කියවන්​න

නවතම ලීග් තරගාවලියක් ලෙස දකුණු අප්‍රීකාවේ පැවැත්වෙන එස් ඒ 20 ක්‍රීකට් තරගාවලිය ඊයේ ආරම්භ වුනා . තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 08ක ජයක් හිමි කර ගැනීමට සමත් වූයේ එම් අයි කේප් ටවුන් කණ්ඩායමයි . මෙම තරයයේ පළමුව පන්දුවට පහර දුන් පර්ල් රෝයල්ස් කණ්ඪායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 142 ක්. එම ඉලක්කය පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමනක් දැවී පසුකර යෑමට කේප් ටවුන් කණ්ඩායම සමත් වුණා.

තව කියවන්​න

ජාතික රූපවාහිනී සංස්ථාවට පසුගිය දා බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ඊයේ සවස් කාලයේදීයි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ . මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු 44 හැවිරිදි පසුවන්නෙක් . පොළීසිය සඳහන් කළේ සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි . මීට පෙර අදාල සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොළීසිය කටයුතු කළා.

තව කියවන්​න

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පලමු තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා . මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 373 ක් . එහිදී විරාට් කෝලි ලකුණු 113 ක් ලබා ගනිමින් තම 45 වන ජාත්‍යන්තර ශතකය වාර්තා කල අතර නායක රෝහිත් ශර්මා ලකුණු 83 ක් රැස් කළා . පන්දු යැවීමේදී ලකුණු 88 කට කසුන් රාජිත දවා ගත් කඩුළු ගණන 3ක් . කෙසේ වෙතත් ලකුණු 374 ක ඉලක්කයක් හඹා…

තව කියවන්​න

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කිරිමට තීරණය කර තිබෙනවා. මෙලෙස අදාළ මෙවලම තහනම් කර ඇත්තේ රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහායි . නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත මෙම තහනම ක්‍රියාත්මක ප්‍රාන්ත වනවා . මෙම ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන බයිට් ඩාන්ස් විසින් .

තව කියවන්​න

නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා . මෙම නව කාලසටහන ලබන මස මුල් දිනවලදී ලබා දීමටයි නියමිතව ඇත්තේ . දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය අවලංගු වීම වැළැක්වීම සඳහා මෙම මාසය අවසන් වනවිට වැඩපිළිවෙලක් සකස් කරන බවයි . පසුගිය වසර අවසානයේ විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් දසදෙනෙකු පමණක් බවද ඔවුන් එහිදී අනාවරණ කළා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදුවූ බැවින් දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදුවූ බවයි ,

තව කියවන්​න

පසුගිය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා . අමාත්‍යවරයා විසින් අදාළ විමර්ශන සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරිමටයි කටයුතු කලේ . මෙම කමිටු වාර්තාවේ අරමුදල් අවභාවිතය , සමාජ මාධ්‍යයේ බලපෑම සහ ආගමික නිකාය බලපෑම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් සදහන් කළා . නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු ,හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල , විශ්‍රාමික…

තව කියවන්​න

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාව විසින් එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා . මෙලෙස සම්භාධක පනවා ඇති අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයයි . මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින්. එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීමටද ඔවුන්ට තහනම් වනවා . කෙසේ වෙතත් මේ අනුව ඔවුන්ට කුමන හෝ ආකාරයක කැනඩාවේ යම් දේපළක් ඇත්නම් ඒවා රාජසන්තක කෙරෙනවා .

තව කියවන්​න

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස ඊයේ දිනයේදී නිකුත් කළ ලිපිය නැවත කැඳවූ බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නිීල් බණ්ඩාර හපුහින්න මහතා පවසනවා. ඔහු සදහන් කලේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා හෝ ඇප මුදල් භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ පනත මගින් බලයක් ලබාදී නොමැති බවයි. අදාළ මැතිවරණයේ නාම යෝජනා සහ ඇප මුදල් භාර ගැනීම සඳහා බලය පැවරෙන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා . කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ…

තව කියවන්​න

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 6 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා . සේපාල් අමරසිංහ පසුගිය 05 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ,සමාජ මාධ්‍ය හරහා දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මතයි.

තව කියවන්​න