Author: VNews
ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්. ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩ ගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී…
මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරදන නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරිගණක අපරාධ ඒ්කකය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආශු මාරසිංහ මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් අනුවයි. ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ඊයේ(10) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවයි. ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප…
දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය එළිදක්‌වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් ඊට ඇතුලත්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්වුනා.
ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උධ්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. චක්‍රලේඛ හරහා විවිධ සීමාවන් පැනවීමට එරෙහිව ඉදිරියේදී සිය සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ. ඉන්ධන සම්බන්ධයෙන් මාසයකට ලබාදෙන දීමනාව දවසකට පමණක් ප්‍රමාණවත් වන බවයි රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මෙම ගැටලුව මෙන්ම දීමනා කප්පාදු කිරීම, වැටුප් සම්බන්ධ ගැටලු රැසකට විසඳුම් ලබානොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා රා්‍ය සේවකයින් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ දරණ බවයි රෝහණ මහතා පෙන්වා දෙන්නේ. එසේම එය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ලකට අත…
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක් ලෙස ශ්‍රී ලංකාව 2023 වසර හඳුනාගෙන ඇති බව දන්වා සිටියා. ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීම සම්බන්ධයෙන් මෙරට සාක්ෂාත් කරගත් ප්‍රගතිය ආශ්‍රිත අදාළ ක්ෂේත්‍ර මෙන්ම ජනතාවට ඉහළ ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා අභියෝග මධ්‍යයේ වුවද ක්‍රියාත්මක කරන ලද මුලපිරීම් පිළිබඳ මෙහිදී අවධාරණය කරනු ලැබුවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවට ට කැඳවන බව මැතිවරණ කොමිසම පවසනවා.මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙන් – කරුණු විමසීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.
පනාමුර, කැම්පනේ, කළුගලහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් ගමන් කරමින් පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනහක් පමණ වූ කැම්පනේ, ඕමල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා තම දරුවන් දෙදෙනා පාසලට ඇරලවා යතුරු පැදියෙන් ආපසු යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල රෝහලේදී තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.…
එළිමහනේ සෙල්ලම් කරමින් සිටි පෙර පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරුවන් 22 ක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ඉහළින් ගමන් කරමින් සිටි බඹරුන් රෑනක් දරුවන් සිටි ස්ථානයට පාත්වීම නිසා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත ිබවයි. ප්‍රහාරයට ලක්වූවන් අතර දරුවන්ට අමතරව පෙර පාසලේ ගුරුතුමිය ඇතුළු මව්වරුන් කිහිප දෙනෙකුද සිටින බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. එලෙස රෝහල් ගත කරන ලද පෙර පාසල් දරුවන් විසි දෙදෙනා ඇතුළු තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් (Eileen Laubacher ) මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා. රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ. ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ…
සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය ‘සීතාවක ඔඩිසි’ ලෙසයි නම් කර ඇත්තේ. මේ යටතේ සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක විභාවතාවයන් උපයෝගී කරගනිමින් තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති. මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ මුලික පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒ යටතේ ‘සීතාවක ඔඩිසි’ දුම්රියේ සමාරම්භක ගමන්වාරය 15 දින පෙ.ව.6.30 ට ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222