Author: VNews

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධාන කල රුවල් යාත්‍රා තරඟාවලිය දින තුනක් ඇතුල් වරාය මුහුදු තීරයේදී පවත්වනු ලැබුවා. තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමුණේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී උත්සවය පැවැත්වුනා. ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ අධීක්ෂණය යටතේ කාණ්ඩ හතරකින් පැවැත්වුණු තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, ඉතාලිය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 27 දෙනෙකු සහභාගී වුවා. ඒ අනුව, කාණ්ඩ දෙකක රන් පදක්කම් ඉන්දීය ක්‍රීඩකයින් විසිනුත් අනෙක් කාණ්ඩ දෙකෙහි රන් පදක්කම් ඉතාලි ක්‍රීඩකයින් විසිනුත් දිනාගනු ලැබුවා. ලෝකඩ පදක්කම් දෙකක්…

තව කියවන්​න

ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවයි මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පැවසුවේ. කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ට යහපතක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

අද දිනයේත් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ලෙස ද විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරයේ ජනන කටයුතු අද රාත්‍රියේ සිට අක්‍රිය කිරීමට සිදුවන බවයි එම බලධාරීන් සඳහන් කළේ. ඒ නැප්තා ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. කැලණිතිස්ස විිදුලි බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා ලීටර ලක්ෂ 9 ක් පමණ අවශ්‍ය වන බව සඳහන්. ජල විදුලිය ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරනු ලබන්නේ නැප්තා ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස චක්‍රිය…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන අන්තර්ජාතික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම තරගාවලිය එළඹෙන 14 සහ 15 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන මළළ ක්‍රීඩකයන් 1,000ක් පමණ සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා පැවසුවේ. 44 දෙනෙකුගෙන් යුතු ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම චෙන්නායි සිට අලුයම 03.00 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන යානයෙන් මෙරටට පැමිණියා. මීට අමතරව තවත් ඉන්දීය ක්‍රීඩකයන් 06 දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 817 ක් ලබාදීමට කැනඩාව ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතුකුරුස හා රතු අඩ සඳ සම්මේලනය ක්‍රියාත්මක කර ඇති මානුෂීය වැඩසටහන්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ආධාර ලබාදෙන බවයි. ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ සේවා, පිරිසිදු ජලය ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සඳහා ආධාර මුදල පිරිනැමෙනු ඇති. ආර්ථික අර්බුදය හමුවේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සදහා කැනඩාව මේ වනවිටත් ප්‍රතිචාර දක්වා ඇති බවද කැනඩා තානාපතිකාර්යාලය පවසනවා. මෙම දුෂ්කර කාලයේ දී කැනඩාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතර සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහායවීමට කැපවී සිටින බවයි…

තව කියවන්​න

අභියෝගාත්මක තත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සොයා ගැනීම් හා පර්යේෂණ ප්‍රතිඵල ජනගත කිරීම වෙනුවෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවනාගාරයේ පැවැත්වුනු වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ සැපයුම් සේවාවේ අඩුපාඩු සිදුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා. එම අවස්ථාවට එක්වෙමින් කරුණු දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජසුන්දර බන්ද්‍රා මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ ද වෙනසක් ඇති කළයුතු බවයි.

තව කියවන්​න

අධ්‍යාපන සමුපකාර සමිති සාමාජිකයන් දිස්ත්‍රික්ක රැසක ඊයේ විරෝධතා සංවිධාන කර තිබුනා. එහිදී ඔවුන් චෝදනා කළේ අධ්‍යාපන සමුපකාර බැංකු සමිතිය වෙනුවෙන් නිලවරණයක් පැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නා බවයි. එම තත්වය හමුවේ අක්‍රමිකතා රැසක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

තව කියවන්​න

වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ලබන 16 දින සිට එය ක්රිත්මක බවයි. වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව ජපානය ඇතුළු අනෙකුත් රටවල සුදුසුකම් සහිත වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගන්වනු ඇති. ඒ අනුව, ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් හෝ සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා…

තව කියවන්​න

දින පහක් ඇතුළත දිල්ලි නගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. දශකයකට පසුවයි මෙලෙස අධික සීතලට දිල්ලිය මුහුණ දී ඇත්තේ. මේ අනුව ජනවාරි මස 05 වනදා සිට දිල්ලි නගරයේ උෂ්ණත්වය පිළිවෙලින් සෙල්සියස් අංශක තුන, හතර, දෙකයි දශම දෙක, එකයි දශම නවය, එකයි දශම එක සහ සෙල්සියස් අංශක එක දක්වා අඩු වී තිබෙනවා. මීට පෙර මෙවැනි අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත්තේ 2013 වසරේ ජනවාරි මාසයේදීයි. කෙසේ වෙතත් ජනවාරි මස 11 ත් 13 ත් අතර කාලයේදී මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. ඇතැම් හුදෙකලා ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් අඩු අගයක පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දුම්රිය ධාවන කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් අද සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 04 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 02 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙලෙස අවලංගු කෙරෙනු ඇති. එම දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිත බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

තව කියවන්​න