Author: VNews

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ “වොයිස් ඔෆ් ද ග්ලෝබල් සවුත්” ඨ 20 සමුළුවට එක්වෙමින්. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇප ලබාදීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ද්වීපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල්…

තව කියවන්​න

රඹුක්කන පොලිස් වසමට අයත් හුරුමළුව ප්‍රදේශයේ පාලු නිවසක් ආසන්නයේ වල දා තිබූ තවත් මළ සිරරක් අද ගොඩ ගනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ. ඊයේ පස්වරුවේ දී ද මෙම ස්ථානයට ආසන්නයේ මල සිරරුක් ගොඩගනු ලැබූවා. මාවනැල්ල කිරිංගදෙනිය හා කෙරමිණිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනකු වන මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නමැති තරුණයන් දෙදෙනා පසුගිය නොවැම්බර් 19 සහ 28 යන දිනවලදී අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබුණා. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් කළ විමර්ශනවලදි රඹුක්කන හුරිමළුව ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවස පිටුපස තරුණයන් දෙදෙනා ඝාතනය කර වළදමා ඇති බවටයි තොරතුරක් ලැබී…

තව කියවන්​න

කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුවයි. ඒ අනුව මෙම සිද්ධියට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතරක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි. එමෙන්ම සඳගල පැවති කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ ආරක්ෂාවට යොදවා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ මුරකරුවන් දෙදෙනාට ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා. මේ අතර පොතුහැර වදාකඩ ව්‍යාජ දළඳා මාලිගාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියවඩන නිලමේ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ අතර විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා. බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදෙන බවයි. පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ. අදාළ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඊයේ  බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බලා තිබුණා. එහි දී ඔවුන් ඒකමතිකව…

තව කියවන්​න

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමන්ත ස්ටීවන් පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙක්.

තව කියවන්​න

එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇති බව සදහන්. එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ. 1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟවල පාලනය සියතට ගැනීමට සමත්වූ කණ්ඩායමක් ලෙසයි වාර්තා පොත් අතරට එක්වුණේ.

තව කියවන්​න

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ බලපෑ චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 6 දෙනෙකුට වැඩිපිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විවිධාකාරයේ චන්ඩමාරුත 35ක් පමණ පසුගිය දින කිහිපය තුළ ඇතිවූ බවයි ඇමෙරිකා කාලගුණ අංශ සදහන් කළේ. මිලියන 30ක ජනතාවකගේ ජන ජීවිතයට ඉන් බලපෑම් ඇතිවුණා. දරුණුතම චණ්ඩ මාරුතයෙන් ඇලබාමා හි සෙල්මා නමැති ප්‍රදේශයට බොහෝ හානි සිදුව තිබෙනවා. ඇලබාමා හි බොහෝ ස්ථානවල විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

තව කියවන්​න

ලොව වටිනාම සමාගම් හිමි රටවල් ලැයිස්තුවේ 05 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා. ඒ අනුව ලොව වටිනාම සමාගම් 20 ක් ඉන්දියාව සතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2021 වසරේදී ඉන්දියාව පසුවූයේ එම ලැයිස්තුවේ 09 වන ස්ථානයේයි. ඒ ලොව වටිනාම සමාගම් 08 ක් සතු කර ගනිමින්. ඉන්දියාව සතු වටිනාම සමාගම් 20 අතරින් 11 ක් මුම්බායි හි ස්ථාපිත කර තිබේ. තවත් සමාගම් 04 ක් අහමදබාද් නගරයේත්, ඊට අමතරව නොයීදා, නවදිල්ලි, බෙන්ගලූරු සහ කොල්කටා යන නගරවල එක බැගිනුත් එම සමාගම් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ සමාගම්වල වෙළදපල ප්‍රාග්ධනීකරණය අනුව මෙම ලැයිස්තුව සකසා තිබෙනවා. එය ප්‍රසිද්ධ කර ඇත්තේ Hurun Research නමැති ආයතනයක්…

තව කියවන්​න

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසට බලකරමින් මනම්පිටිය වැලි සමාගමට අයත්, වැලි ටිපර් ‍රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයන් පිරිසක් අද දහවල් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූනා. පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා ලෙස සේවය කරන ටෙක්ශාන් ජයසිංහ මහතා දේශපාලන පළිගලිගැනීම් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කර ඒ වෙනුවට එහි සේවයේ නියුතු ඉංජිනේරුවරයා පොලොන්නරුවට යොමුකර ඇති බවත්, පොලොන්නරුව ඉංජිනේරුවරයා විනිවිදව සේවය කර ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළා. එවැනි අවස්ථාවක වත්මන් පරිසරය අමාත්‍යවරයා ලෙස මඩකලපුව…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන අරක්කු, පොල් රා, තල් වැනි මත්පැන්  ලොව පුරා රටවල් තිස් පහකට පමණ අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එසේම එලෙස මත්පැන් අපනයනය කිරීම තුළින් 2021 වර්ෂයේදී ඩොලර් මිලියන විස්සක් ද 2022 වර්ෂයේදී මිලියන 21ක්ද රජයට උපයාදී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. ලෝකයේ බොහෝ රටවලින් ශ්‍රී ලංකාවේ කිතුල් හා පොල් රා වලට හොඳ ඉල්ලුමක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න