- ගනේමුල්ල සංජීවගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට
- විදුලිබල මණ්ඩලයෙන් ප්‍රථම වරට ජලබැටරි ව්‍යාපෘතියක්
- ඔන් මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
- ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක්
- කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වනදා සිට
- මහ ශිව රාත්‍රියට නැගෙනහිර පාසල් වසා දැමේ
- උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළසිරුරක් සොයා ගැනේ
Author: VNews
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහි විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබෙනවා. ඇමෙරිකානු මාධ්‍ය මීට දින කිහිපයකට පෙර අනාවරණ කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවයි. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කර තිබුනා. ඇමෙරිකානු මාධ්‍ය අද අනාවරණ කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවයි කෙසේ වෙතත් රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි ඇමෙරිකානු ජනාධිපති ජෝ…
රජයේ සියලුම රෝහල්වල උග්‍ර ලෙස ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය අවධාරණය කරන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් රෝහල්වල පවතින්නේ ඖෂධ 3ක් පමණක් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අනාවරණ කළේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්. සරල ඖෂධ නොමැතිවීම හමුවේ සායනික රෝගීන්ගේ මරණ වාර්තාවීම ඉහලගොස් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.
එළඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා. විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම ද තහනම්. මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් වරදකරුවෙකු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පඅවධාරණය කළේ. මෙම නියෝග කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදුකළහොත් ඒ…
තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා. ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති බවයි. මින් පෙර තිරිඟු පිටි කොලෝවක මිල සටහන් වුයේ රුපියල් 220ක් ලෙසින්. මිල පහළ බැසීමත් සමග තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇති බවයි තිරිඟුපිටි ආනයනකරුවන් පවසන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉන්දුනීසියාවේ සහය ලබාදෙන බවත් දෙරට අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට ඉදිරියේදීත් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing පවසනවා. තානාපතිවරිය මේ බව කියා සිටියේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකදීයි. දෙරට අතර සුහදතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු ව ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුදමය තත්ත්වයෙන් පසුව රජය විසින් ජාතීන් අතර සංහිඳියාව…
කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි. ඒ අනුව ලබන සඳුදා සිට ප්‍රධාන මාර්ගයේ 18ක් – මුහුදුබඩ මාර්ගයේ 8ක් – කැලණිවැලි මාර්ගයේ 2ක් සහ පුත්තලම මාර්ගයේ 2ක් ලෙස දුම්රිය කෙටි ගමන්වාර අවලංගු කෙරෙනු ඇති. දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මෙම තත්වය යටතේ ලබන සඳුදා සිට 370 ක් බවට පත්වනවා. විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද මේ බව දන්වා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දුම්රිය සේවක හිඟය සහ වියදම් අඩු කිරීම සඳහා මගීන් වැඩි ප්‍රමාණයක් ගමන්…
අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය – පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කළා. විරෝධතාකරුවන් එම මුදල් සොයා ගෙන තිබුනේ පසුගිය වසරේ ජුලි 9 වනදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබියදී. මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදී තිබුනා. පොලිසිය ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළා. අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් මිලියන 18කට ආසන්න මුදල ලැබුණු ආකාරය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශනය කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය නොවැම්බර් 11 දා පොලිසියට…
මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විසින් විවිධ දේ කියාපාමින් කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආණ්ඩුවට මුදල් නොමැති බව පැවසුවද එය මුසාවක් බවටයි ඔහු කියා සිටියේ. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.
ජනවාරි මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැති එම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසම හමුවට අද(13) කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඔහු කළ නියෝගය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම කැඳවීම කළ බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ මෙම නියෝගය පසුව ඔහු විසින්ම යළි කැඳවනු ලැබුවා. මේ ඒ පිළිබදව පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචි හේවා මහතා. මේ අතර පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබාදීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222