- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
- ජනාධිපති ලේකම් සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
Author: VNews
වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 28 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්ව තිබෙනවා. වාරියපොල පොලිසිය පවසන්නේ එම පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි. එම පවුලේම තවත් පිරිසක් ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා. මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලද පිරිස අතර මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් සොහොයුරියද වනවා. මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඩුවම් විඳ පැමිණි පිරිසක් බවටයි අනාවරණ වන්නේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග රජය සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල නිරත වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේ අදියර අනුවයි. මෙම කාර්තුව තුළ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍වරයා අනාවරණ කර සිටියා. ජනාධිපතිවරයා – චීනයේ ආනයන සහ අපනයන බැංකුවේ සහාපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මෙරටට දැනුම්දී ඇත්තේ කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය කිරෙමට මැදිහත්වන බවයි.
විභාගයට ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස උසස් පෙළ විභාග අපේක්ෂිත දරු දැරියන් රජයෙන් ඉල්ලා සිටිනවා. දෙමාපියන් පෙන්වා දෙන්නේ දෛනික විදුලි කප්පාදුව හමුවේ තම උසස් පෙළ දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි. මෙම තත්වය හමුවේ ඊට විසඳුමක් ලබා දීම සදහා මැදිහත් වන ලෙසයි එම දරුවන් සහ දෙමවුපියන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ. 2022 වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා ආරම්භ කිරීමට නියමිතයි. එය පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200ක්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන්වරක් උල්ලංඝනය කර ඇති බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව අදහස් පළ කළා. එහිදි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.
හිරු උදාව හා හිරු බැසීම සීගිරිය පර්වත මුදුනේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ එය හෙට සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව අ`ඵයම 5.30 සිට රාත්‍රි 8.30 දක්වා සීගිරිය සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙන බව බුද්ධ ශාසන ,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළා . නිශාන්ති ජයසිංහ මහත්මිය සඳහන් කළේ, සීගිරිය නැගීමට අපහසු සංචාරකයින් සඳහා විදුලි මෝටර් රථ සේවාවක් ද ආරම්භ කරන බවයි.
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව සම්බන්ධව අදහස් දැක්වීම සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයට සම්බන්ද පුද්ගලයින් සොයා යාමේ පළමු පියවරක් ලෙස මෙම නඩු තීන්දුව දැකිය හැකි බවයි.
දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370 ක් බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂය භාර අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. එසේම විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා මෙහිදී කියසිටියා. http://youtu.be/eU4E_qKBLY0
අල්ලස් ලබාගැනීමට තැත් කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක් සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ විස්සක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමට තැත් කිරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. සැකකාර සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන අතර මෙහිදී සභාපතිවරයාගේ රියදුරා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා. එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා සිටියේ පසුගිය සතියේදී රුපියල් 1800 කට අලෙවි වූ තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇති බවයි. බලයන්, ලින්නන්, අලගොඩුවන්, ඉස්සන්, සාලයන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රුපියල් 200 කින් පමණ මිල අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, මේ දිනවල පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා වැඩි දුරටත් කියා සිටියා.
ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි අයි.සී.සී. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු මේ වනවිට එම ලැයිස්තුවේ හයවන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරගයේ දී විරාත් කෝලි ශතකයක් රැස් කිරීමට සමත් වුණා. ඒ සමඟ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ සිටි ජොනි බෙයාර්ස්ටෝ සහ ස්ටීවන් ස්මිත් පසු කරමින් ඔහු 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ පාකිස්ථානයේ බාබර් අසාම්ය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222