- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
- ජනාධිපති ලේකම් සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
Author: VNews
අහුංගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ලද තොරතුරකට අනුව සොයා ගත ක්ලේමෝ බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි. කරවල වියලිමේ මධ්‍යස්ථාන ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු එය ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා. කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු වන බෙන්තොට සිංහරූපගම පදිංචි පුද්ගලයා මේ වනවිට විදේශ ගතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජි යන අයගේ ගෝලයෙකු බවයි පැවසෙන්නේ.
පාසල් නිල ඇඳුම් සඳහා චීන රජයෙන් ප්‍රදානයක් ලබා දී තිබෙනවා. ඒ අනුව නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් ඉන් සම්පූර්ණ වන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ. රෙදි මීටර් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත කොළඹ වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් භාරදෙනු ලැබුවා. සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගය 2023 අධ්‍යයන වර්ෂයට අදාළව මාර්තු 20 වනදා වන විට බෙදා හැර අවසන් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ හා රජයේ ආධාර ලබන පාසල් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන දරුවන් සහ භික්ෂූන්වහන්සේ ගණන ලක්ෂ 41ක්.…
විවිධ ප්‍රදේශවල සොරකමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි. ව්‍යාපාරිකයාගේ නිවසින් මැණික් සොරකම් කළ මේ දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල දුම්රිය ස්ථානය අසලදී. එක් පුද්ගලයෙකු ‘ගලේ කපිල‘ ලෙස හඳුන්වන 44 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු 28 හැවිරිදි අයෙක්. මෙම කල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු වන අතර පිරිස මහනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වන්නේ. ඔවුන් මහනුවර සිට දුම්රියෙන් පැමිණ ප්‍රදේශ කිහිපයක සොරකමේ නිරත වී ඇති බව සඳහන්. ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් 264ක් සහ රුපියල් 15,000ක් පොලීසිය භාරයට ගැනුනා. සැකකරුවන් විවිධ ප්‍රදේශවල සිදුවූ සොරකම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ මගින් දඬුවම් ලබා…
පකිස්තානයේ ළමුන් මිලියන 04 ක් පමණ තවමත් අපිරිසිදු හා ගංවතුර හේතුවෙන් ජලය එක් රැස් වී ඇති ස්ථාන ආශ්‍රිතව දිවි ගෙවන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පවතින්නේ අවදානමක බවයි යුනිසෙෆ් ආයතනය ද පවසන්නේ. පකිස්ට්බානයේ ජකෝදාබාද් නගරයේ ගංවතුර හේතුවෙන් තවමත් තාවකාලික නවාතැන්වල රැදී සිටින පුද්ගලයින්ට ප්‍රමාණවත් පරිදි ඇදුම් පැළදුම් හෝ නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ දිනවල රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 07 ක් පමණ වන බව ද සදහන්. එම ප්‍රදේශයේ වෙසෙන කුඩා දරුවන්, කදුකර ප්‍රදේශ ආසන්නයේ සිටින පිරිස් ද ඇතුළුව ළමුන් ලක්ෂ 02 කට හා කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයින් සදහා අවශ්‍ය ඇදුම් යුනිසෙෆ් ආයතනය…
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මුහුදට මුදා හරින බව ජපානය පවසනවා. අප ජලයේ විකිරණශීලී අංශු මට්ටම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල මට්ටමට සකස් කර ඇති බවයි එරට රජය නිවේදනය කලේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසන්නේ මෙම යෝජනාව ආරක්ෂිත නමුත් අසල්වැසි රටවල් කනස්සල්ල පළ කර ඇති බවයි. 2011 වසරෙ දී සිදු වූ ෆුකුෂිමා ව්‍යසනය – 1986 වසරේ අපේල් 26 වනදා චර්නොබිල් අනතුරට පසු දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙසයි සැලකෙන්නේ. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකාරීත්වය හමුවේ සෑම දිනකම, දූෂිත ජලය ඝන මීටර් 100ක් නිපදවෙන බව ජපාන රජය අනාවරණ කලා. එය භූගත ජලය, මුහුදු ජලය සහ ප්‍රතික්‍රියාකාරක සිසිල්ව තබා ගැනීමට භාවිත කරන ජලය මිශ්‍රණයක්.…
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් අද මෙරටට පැමිණීයා. ඔවුන් දින 5ක් මෙරට රැඳී සිටිනු ඇති. චීන කොමියුනිස්ට් පක්ෂ නායකවරයාගේ ශ්‍රී ලංකා චාරිකාව සදහා අවශ්‍ය කටයුතු සොයා බැලීමටයි එරට ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු 06 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණි ඇත්තේ. පිරිස උදෑසන 10.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් විසින්. පිරිස – රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ශ්‍රී ලංකා…
විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් පුවතක් වාර්තා වනවා. අදාල පහර දීමෙන් අනතුරුව එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඌරගස්මංහන්දිය පොලීසිය පවසන්නේ. මෙසේ රෝහල්ගකර ඇත්තේ අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන තිදෙනෙක්. පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට වූ චෝදනා කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් සිසුවියන්ට පහර දී ඇති බව සඳහන්. පහර දීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමවුපියන් ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
සංචාරක අමාත්‍යාංශය විසින් නව කොවිඩ් -19 රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ. එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් ඡක්‍ඍ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද නව කොවිඩ් රෙගුලාසිවල සඳහන්.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව – පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණා. එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලේකම්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. ඪදසජැ ක්‍මඑ – ත්‍ධභීෑණ් මේ අතර…
කැලණිතිස්ස විදුලි බලාගාරයට නැප්තා ලීටර ලක්ෂ 34 ක් ලැබී තිබෙනවා. ඒ අනුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම නිලධාරීන් පවසන්නේ. එම නැප්තා තොගයට ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවූ බව සඳහන්. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා මිලදී ගැනීමට මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි. මේ අතර අතීතයට බලපාන පරිදි සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව ජනවාරි 1 වැනිදා සිට විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් නීතියේ නොමැති බවයි ජනක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222