Author: VNews

රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී. රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ‍යේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය…

තව කියවන්​න

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සුළු සේවකයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. එම පිරිස රෝහල් භූමියේ කසළ ඉවත් කරමින් සිටියදී විෂ දුමාරයක් ආඝ්‍රහනය වී ඇති බවයි පැවසෙන්නේ. රෝහලට ඇතුළුත් කළ සේවකයින් 10 දෙනාගෙන් තුන්දෙනෙකු ප්‍රතිකාර ලබා පිටවගොස් තිබෙනවා. අනෙක් සේවකයින් 7 දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තව කියවන්​න

සිරුර මතට වැලි කොට්ට ගොඩක් පෙරළී සිදුවූ අනතුරක් හේතුවෙන් ඌව පරණගම – කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දෝව පාසලේ 4 වන ශ්‍රේණියේ සිසුවෙක්. මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සෙල්ලම් කරමින් සිටියදී දරුවා අනතුරට මුහුණ දී තිබෙනවා. මව පැමිණ – ඌව පරණගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මිය ගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

තව කියවන්​න

ආහාර විසවූ කොග්ගල කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අල්ලන්න නියෝග කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ආහාර විෂවීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ගාල්ල මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. අදාල ආහාර සැපයුම් ආයතනයට රුපියල් 40,000ක දඩ මුදලක් නියම කර ඇති අතර එම ආයතනයේ කළමණාකරු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, සිදූවු වැරදි නිවැරදි කිරීමට අදාල පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග නිකුත් කල බවයි හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්‍යාලය සඳහන් කළේ. නව අවුරුදු උදාව නිමිත්තෙන් පසුහිය දෙවනදා කොග්ගල වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක දිවා සාදයක් සංවිධානය කොට තිබූ අතර එහි දී ආහාර ලබා ගන්නා ලද…

තව කියවන්​න

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන ්මේ සඳහා එකඟතාව පළ කල බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. 2022 උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් ( ණය පත් ) ( Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් සොයා ගනු ලැබුවා. ඒ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී. රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පැවසුවේ මෙරට ගුවන් මගී කාන්තාවක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ද දැනුම් දුන්නේ විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් කාඩ් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර ඇති බවයි. මේ ආකාරයට රත්තරන්…

තව කියවන්​න

මෙවර පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණයක් නොව ජාතියේ දෙවන නිදහස දිනාගැනීමේ අවස්ථාව බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා සඳහන් කරන්නේ තව දුරටත් කොල්ල කල්ලි වලට රට කොල්ලකෑම සඳහා ඉඩ සලසා දිය නොහැකි බවයි. මේ අතර අද පැවතී උත්සවයක් අතරතුරදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාද පළාත් පාලන මැතිවරණය පිලිබඳ අදහස් පල කළා. කෙසේවෙතත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය දා කියා සිටියේ මැතිවරණයක් පැවැත්වුවහොත් යලි භාණ්ඩ මිල ඉහල යනු ඇති බවයි.

තව කියවන්​න

පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්තාපනය සදහා නව පනතක් ලබන 19 දා පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සදහන් කළා . රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී . මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ මත පල කරන බවයි.

තව කියවන්​න

සොල්දාදුවෙකුගේ පපුව ප්‍රදේශයේ සිරවී තිබු පුපුරා නොගිය ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක් ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වූ බව යුක්රේන හමුදාව පවසනවා. ශල්‍යකර්මය අතර වාරයේදී ඕනෑම මොහොතක හමුදා සොල්දාදුවාගේ පපුවේ සිරවී තිබු බෝම්බය පුපුරා යා හැකි බැවින් මෙම ශල්‍යකර්මය අතිශයින් අනතුරුදායක එකක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් ශල්‍යකර්මය සිදු කිරීමේදී රෝගීයාගේ රුධිරය කැට ගැසීමට යොදා ගන්නා විද්‍යුත් රුධිර කැට ගැසීමකින් තොරව ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුනා. මෙම ශල්‍යකර්මය අතර වාරයේදී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ නිලධාරින් දෙදෙනෙකුද ශල්‍යාගාරය තුල සිට තිබුනා. මෙම ශල්‍යකර්මය යුක්රේන සන්නද්ධ හමුදාවේ වඩාත්ම පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයකුවන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි වර්බා විසින් සිදු කළා. සැත්කම…

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝර්න පවසනවා. 2023 බිග් බෑෂ් – විස්සයි විස්ස තරඟාවලියට වසර 10කට පසුව එක්වෙමින් ඩේවිඩ් වෝර්නර් මේ බව සඳහන් කළා. 2024 වසරේදී එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන වීස්සයි විස්ස ලෝක කුසලානය තම මව් රටට හිමිකර දීම අපේක්ෂාව බවයි ඩේවිඩ් වෝර්නර් ප්‍රකාශ කර ඇත්තේ.

තව කියවන්​න