- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: VNews
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා. එම කොමිසම සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරෙන බවයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ලිඛිත අදහස් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මඟින් ඉදිරිපත් කල හැකියි. ඒ අනුව මහජන අදහස් සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා . මේ…
පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත්කිරීම අද දිනය තුළ අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා. අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ. මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා කිරීමට නියමිත බව සදහන්. මෙම හමුවේ දී පසුගියදා හෙලිකොප්ටරය ලකුණින් පිහිටවූ නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් අත ලකුණින් ඇතැම් පළාත්පාලන ආයතනවලට නාමයෝජනා භාරදීමට සැළසුම් කර තිබෙනවා. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට…
මෙම වසරේදී ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තා ගත අස්වැන්නක් අපේක්ෂා කරන බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව 2023 වසරේ ජූනි මාසයෙන් අවසන් වන වසරක කාලයේදී ඉන්දියාවේ අපේක්ෂිත තිරිගු අස්වැන්න ටොන් මිලියන 112 ක්. පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එවැනි වාර්තාගත අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවයි ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මෙම වසරේ අප්‍රේල් මාසයේදී තිරිගු අස්වැන්න නෙළීම ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය සදහන් කළා. වියළි කාලගුණය මධ්‍යයේ වුව ද 2021 – 2022 වසරේදී ඉන්දියාවේ තිරිගු අස්වැන්න ටොන් මිලියන 106.84 ක් බවයි එරට කෘෂිකර්මය අමාත්‍යාංශය සදහන් කළේ. 2020 – 21 වසරේදී ද ඉන්දියාව වාර්තා ගත තිරිගු අස්වැන්නක් නෙළා තිබූ අතර එම…
දස දහස් ගණනක ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගර තුනක විරෝධතා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ රටේ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමේ – අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලසුම්වලට විරෝධය දක්වමින්. ටෙල් අවිව්, ජෙරුසලම සහ හයිෆා නගරවල මාර්ග අවහිර කළහොත් හෝ පලස්තීන ධජ ප්‍රදර්ශනය කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අගමැතිවරයා පොලිසියට නියෝග කර ඇත්තේ. පොලිසිය උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ වැසි සහිත කාලගුණය නොතකා, ටෙල් අවිව් හි හබීමා චතුරශ්‍රයේ අවම වශයෙන් විරෝධතාකරුවන් 80,000 ක් පමණ රැඳී සිටින බවයි. එම පිරිස් – බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔහුගේ අන්ත ජාතිකවාදී ජාතික ආරක්ෂක ඇමති ඉටමාර් බෙන්-ග්වීර් ට විරෝධය දක්වමින් ඊශ්‍රායල ධජ සහ “අපරාධ රජය”, “ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය”…
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ දත්ත අධ්‍යයනය කරමින් පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ සිදුකළ යුතු සංශෝධන ඇත්නම් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ලබන මස 15 වනදා ට පෙර ප්‍රකාශයක් සිදුකරන බවයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග මහජන උපයෝගිතා කොමිසම විසින් මෙතෙක් ලබා දී නැහැ. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර – ඉන් අනතුරුව ලබාදෙන උපදෙස් සහ නියෝග මත – වැඩිකළ විදුලි…
මෙම වසරේදී ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තා ගත අස්වැන්නක් අපේක්ෂා කරන බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ජූනි මාසයෙන් අවසන් වන වසරක කාලයේදී ඉන්දියාවේ අපේක්ෂිත තිරිගු අස්වැන්න ටොන් මිලියන 112 ක්. අප්‍රේල් මාසයේදී තිරිගු අස්වැන්න නෙළීම ආරම්භ කරන අතර පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එවැනි වාර්තාගත අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවයි ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. වියළි කාලගුණය මධ්‍යයේ වුව ද 2021 – 2022 වසරේදී ඉන්දියාව ටොන් මිලියන 106ක තිරිගු අස්වැන්නක් ලබා තිබුනා. 2020 – 21 වසරේදී ද ඉන්දියාව වාර්තා ගත තිරිගු අස්වැන්නක් නෙළා තිබූ අතර එම ප්‍රමාණය ටොන් මිලියන 109ක්.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීමට බාධා වන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග වල නිරත වන බව මැතිවරණ කොමිසමේ පවසනවා. කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, පුරවැසියන් ඇතුළු සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින්නේ නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි. ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ විකෘති ප්‍රකාශ, ඇප තැන්පත් භාර ගැනීම අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපිය මෙන්ම මැතිවරණ කොමිසම සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ඇතුළු සිදුවීම් ද නිරීක්ෂණ…
මාසයක කාලය ඇතුළත චීනයේ කොරෝනා ආසාදිතයින් 60,000 ක් පමණ මියගොස් තිබෙනවා. එම මරණ දෙසැම්බර් 8 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා අතර කාලය තුල සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කළේ. චීනයේ ප්‍රධාන නගර ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම ස්ථනය හිමිව ඇත්තේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන්. Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බවයි. රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති මෙන්ම අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳ නවතම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාද කඳු මුදුණේ සිට දැකගත හැකි දර්ශනය ලොව අන් කවර ස්ථානයකදී දැක ගත නොහැකි බවයි එහි සටහන් කර ඇත්තේ.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222