- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
- අමාත්‍ය විජිත අධිකරණයට එයි
- අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
- ලංකාවේ තාවිට ඉහළ තැනක්
- ෙශ්‍රී ලංකා රජය හා ජපානය අතර සංශෝධන ගිවිසුමට කැබිනට් අනුමැතිය
- පොල් මද ආශ්රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය
Author: VNews
බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද දින කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේදී වැඩ භාරගන්නා ලදී. ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයමින් මහජන මූලික බලශක්ති ක්ෂේත්‍රයක් ඇති කිරීමේ කාර්යයට නායකත්වය දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මහජනතාවට දැරිය හැකි මිලකට සුරක්ෂිත, පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසීමේ හැකියාව ලබාදීමට සැමට එක්වන ලෙසට ආරාධනා කළේය.
දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසියය දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා 20 දින පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වැරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ යෑමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 20 දින උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් තුන්සිය අසූවත් හාරසීයත් අතරි තොග මිලක් පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බව ජනතාව ආර්ථික මධ්‍යස්ථානය තුළදීම පෙන්වා දෙන ලදී
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ. 01. ජී.පී සපුතන්ත්‍රී මහතා – අග්‍රාමාත්‍ය ලේකම් 02. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් 03. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය 04. කේ. එම්. එම් සිරිවර්ධන මහතා – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 05. ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය 06. ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා –…
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන තුළින් දිවයිනේ පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ. ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි සිසු සිසුවියන්ට පාර්ලිමේන්තු ඉතිහාසය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ද මෙහිදී සිදු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අදාළ පාසල්වල විදුහල්පතිවරු සහ සිසු සිසුවියන් විසින් සමරු තිළිණ පිළිගැන්වූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පාසල්වල…
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබීය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කළා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පත් කිරීම නීත්‍යානුකූල නොවන බවයි. එමනිසා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකානු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගෙන තිබෙනවා. ඒ අනුව, එම කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ද වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව ගැසට් නිවේදනයේ නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණ.
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අවසන් කෙරුණු අතර, නවසීලන්තයට ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ තරගය ජය ගැනීම සදහා පන්දුවාර 27 කදී ලකුණු 221 ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත්, නවසීලන්තයට පන්දුවාර 27 අවසානයේ කඩුලු 9 ක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222