Author: VNews

බිත්තර ආනයන සම්බන්ධ නිර්දේශ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමට නියමිතව තිබෙනවා . එමෙන්ම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ . මේ අතර බිත්තර ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. ඉන්දියාවේ කුරුළු උණ පැතිර පවතින හෙයින් එරටින් බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බව අමාත්‍යාංශය පැවසුවා. රජය බිත්තර ආනයනය කිරීම සඳහා ගත් තීරණයත් සමග ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය සැපයුම්කරුවන් වනවා . සත්ත්ව නිෂ්පාදන…

තව කියවන්​න

දිවයින පුරා සියලු පාසල් අද දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් පවසනවා. තෛපොංගල් උත්සවය ඊයේ දිනට යෙදී තිබු බැවින් අද දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර 2022 අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර…

තව කියවන්​න

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේනවා. විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවයි . මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යෙති ගුවන් සේවයට අයත් ගුවන් යානයක් . නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා. මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා . ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා .

තව කියවන්​න

2022 වර්ෂයට නියමිත තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ලබන 23වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා . ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ඔහු සඳහන් කළා. අපොස උසස්පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ කර පෙබරවාරි මස 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අදාළ නීති ක්‍රියාත්මක කිරීම ලබන 20 වනදා දක්වා කල්දමන බවයි . මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් -19 රෝගය සම්බන්ධව නව ක්‍රමවේද මාලාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගනු ලැබුවා. කෙසේවෙතත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබුනේ නැහැ .

තව කියවන්​න

කුකුළු උන හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකළ යුතු බව සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද ඉන්දියාව මේ වනවිට රටවල් රැසකට බිත්තර ආනයනය කරන බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ සංගමය පවසනවා. එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා සඳහන් කරන්නේ බිත්තරයක නිෂ්පාදන මිල හෝ නිසිලෙස ගණනය කල නොහැකි සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව සිදු කරන මෙම ප්‍රකාශය කිසිසේත් පිළිගත් නොහැකි බවයි. මේ අතර බිත්තර ආනයන සම්බන්ධ නිර්දේශ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමට නියමිතව තිබෙනවා .

තව කියවන්​න

ඇතැම් ආනයනික තිරිගු පිටි මිල පහළ ගියද පාන් මිල අඩුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කලේ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිගු පිටි ආනයනය කරන ප්‍රධාන සංගම් දෙක මිල අඩුකළ යුතු බවයි.

තව කියවන්​න

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි රඳවා සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඕමානයේ රැකියා සදහා ගොස් විවිධ ගැටලුවට පත්ව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි සුරක්ෂා මැදුරෙහි රඳවා සිටි කාන්තාවන් පිරිසක් මෙසේ දිවයිනට පැමින තිබෙනවා. සුරක්ෂා මැදුරෙහි මේ වන විට ශ්‍රී ලංකා කාන්තාවන් සිය දෙනෙකු තවදුරටත් රැදි සිටිනවා. එමෙන්ම මිට පෙරද ඕමානයේ සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් කිහිප දෙනෙක් දිවයිනට පැමිණ තිබුනා.

තව කියවන්​න

පසුගිය වසරේ දෙවන භාගයේ දී මෙරට විරැකියා අනුපාතය පළමු මාස 6ට සාපේක්ෂව 0.4% කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ දී විරැකියා අනුපාතය 4.6% ක් ලෙස වාර්තා වූ බව යි . එම වසරේ දෙවන භාගයේ දී විරැකියා අනුපාතය සටහන් වූයේ 5% ක් ලෙසයි .

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට සැලසුම් කර තිබෙනවා. නව ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන රැසකට, 43 වන සේනාංකය සමග එක්ව තරග කිරීමට නියමිතව ඇති බවයි. ඊට අදාළව හෙට දිනයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණය සමබන්ධයෙන් කුමාර වෙල්ගම මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් පල කළා.

තව කියවන්​න