Author: VNews

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි. එමෙන්ම නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා ඇත්දැයි සම්බන්ධයෙන් හෙට දිනයේදී වාර්තාවක් ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිවරයාට නියෝග කර තිබෙනවා. ඒ බව නියෝග කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් . මත්පැන් වර්ගවල ප්‍රමිතියත්, බදු ගෙවන ලද බවත් සහතික කර ගැනීමේ අරමුණින් මෙම ස්ටිකර් ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ටිකර් ව්‍යාජ ලෙස මත්පැන් බෝතල්වල අලවන බවට තොරතුරු ලැබී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව කියවන්​න

විශ්ව රූ රැජින තරගාවලිය 71ක් වන වරටත් ඊයේ අමෙරිකාවේ දී පැවැත්වුණා . එහිදී මෙවර විශ්ව රූ රැජින කිරුල ජය ගැනීමට සමත් වුයේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් විසින් . දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණා

තව කියවන්​න

තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා . අදාළ වතු නිවාස ගිනි ගැනිම හේතුවෙන් පුද්ගලයින් 47 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත් එම අවස්තාවේ නිවාස වල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවද වාර්තා වනවා . වතු කම්කරුවන් සහ තලවකැලේ පොලිසිය එක්ව පැතිර යමින් තිබු ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වී…

තව කියවන්​න

තරග තුනාකින් සමන්විත ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා . තිරුවානාතපුරම් ක්‍රීඩාංගනයේ පැවතී මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවටයි තීරණය කලේ . ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 390 ක් . එහිදී ශුබ්මන් ගිල් ලකුණු 116 ක් ලබා ගත් අතර විරාට් කෝලි නොදැවී ලකුණු 166 ක් රැස් කළා . පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුළු 2 ක බැගින් දවා ගත්තා . කෙසේ වෙතත් ලකුණු 391 ක ඉලක්කයක් හඹා යාමට පිටියට…

තව කියවන්​න

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එම වැඩසටහන හෙට යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි. බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා .

තව කියවන්​න

ඉන්ධන සඳහා හඳුන්වාදුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහාර සඳහාද හඳුන්වාදෙන ලෙස ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා. මේ අවස්ථාවේ භාණ්ඩවල මිල ගණන් අඩුවී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා ආහාරවල මිල වැඩිවීම හෝ අඩුවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙසයි අසේල සම්පත් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

තව කියවන්​න

අද සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පවතින සේවක හිඟය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදු කරන බවයි. මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල ගාමිණි සෙනෙවිරත්න මහතා

තව කියවන්​න

උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ලැබී ඇති බව යි . ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන බව, ඔහු ප්‍රකාශ කලා. ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ ද, නිර්දේශ ලබාගැනීමට නියමිතයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය අද දිනයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි . නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට සැලසුම් කර තිබෙනවා. නව ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන රැසකට, 43 වන සේනාංකය සමග එක්ව තරග කිරීමට නියමිතව ඇති බව ය. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඇතැම් පළාත් පාලන ආයතන සඳහා…

තව කියවන්​න