- ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
- ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
- බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
- අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
- සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
- පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
- තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
Author: VNews
මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවනැල්ල සහ වැලිඔය යන ප්‍රදේශවලදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඝාතනයට ලක් වූ තරුණයකුට අයත් යතුරු පැදිය සහ එහි ලියකියවිලි වැලිඔය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබෙනවා. මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පුළුල් පරීක්ෂණයාක් ආරම්භ කර ඇති බවද සදහන්.…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව විභාගයට අදාළ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන් තහනම් වනු ඇති . මෙම නියමයන් කඩ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911,හෝ 0112 785212 මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා දන්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම නිවේදනයේ සඳහන් . උසස් පෙළ විභාගය මෙම මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වැනදා දක්වා පැවැත් වීමට නියමිතයි.
අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වන දා වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති බව සදහන්. එහි දී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වට ප්‍රමාණය සෙ.මී 34ක් හා දිග සෙ.මී 23ක් වන මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට තිබෙනවා . සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලීසිය වෙත භාර දී ඇති බව සදහන් .
උමාඔය ජලවිදුලි බලාගාරය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ උමාඔය ජලවිදුලි බලාගාරය මගින් මෙගා වොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. පවතින ඩොලර් හිඟය හේතුවෙන් උමා ඔය ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වූ බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට මුගුරකින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට…
වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා. මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිත අතර එහි දී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සදහන් කළ බවයි එරට වාර්තා සදහන් කළේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ණය සහ ණය ආධාර පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ඒකාබද්ධ පැකේජයක්…
පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 14 වනදා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් ඇති බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලද බවයි. පැහැරගැනීම සිදු කරන ලද පුද්ගලයා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් බවත් ඔහු නාවික හමුදා සෙබලෙක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. අදාළ නාවික හමුදා සෙබළා, පැහැර ගැනීමට ලක්වූ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට මාස හයකට පමණ පෙර එම සම්බන්ධය නවතා ඇති බවත් මූලික විමර්ශනවලදී පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා. එසේම ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අවස්ථා ගණනාවකදීම තරුණියට තර්ජනය කිරීම්ද කර ඇති බව අනාවරණ වී තිබෙනවා. තරුණිය පැහැරගෙන…
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා . රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්. භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා .
අම්පාර බක්කිඇල්ල – රජගල පුරාවිද්‍යා භූමියේ තිබූ පා දෝවන ගලක් රඳවා තැබීමට භාවිත කරන ඉපැරණි ආධාරක ගලක් අතුරුදන් වී තිබෙනවා. එය කිලෝග්‍රෑම් 50 ක් පමණ බරින් යුක්ත වන බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලිසිය සඳහන් කළේ පුරාවිද්‍යා භූමියේ කැණීම්වල නිරත පුද්ගලයන්ගෙන් ද විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි.
මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සියලු අංශ සමඟ සාකච්ඡා පවත්වා අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව පොලිසිය, තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ දැනුවත් කර අවසන් බවයි වාර්තා වන්නේ . මේ අතර හෙලිකොප්ටරය ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද ගැනීමට නියමිතයි.
වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . ඒ ඔහු විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 28 වන දා පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. අදාළ වෛද්‍යවරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමක්ද සිදු කළා . කෙසේ වෙතත් දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222