Author: VNews

එංගලන්තයේ හෙදියන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හෙට සහ අනිද්දා වර්ජනයකට සැරසෙනවා . එමෙන්ම එරට ගුරුවරුන් ද පෙබරවාරි මස 01 වනදා වර්ජනයකට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම වර්ජන ක්‍රියාමාර්ග එංගලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ද විචාරකයන් පවසනවා.

තව කියවන්​න

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අදාලවයි . මෙම ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ වයස අවුරුදු 32ක් වු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා . මිට අමතරව පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකු…

තව කියවන්​න

ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සෝමාලියාවේ,හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා . සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ අල් ෂෙබාබ් නම් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක් විසින් වන අතර අදාල වරාය නගරය ඉන්යදීය සාගරයට මුහුණපා පිහිටා ඇති බවයි වාර්තා වන්නේ . මෙම නගරය 2011 වසරේ සිට ත්‍රස්තවාදීන්ගේ සහ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පැවැතියා .

තව කියවන්​න

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා . එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බවයි . මේ අනුව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීමත් සිදුනොකළ යුතුයි . විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර…

තව කියවන්​න

19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා . දකුණු අප්‍රිකාවේ බෙනෝනි ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දු රකිමටයි තීරණය කලේ . ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 2 ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛාව 165 ක් . ලකුණු 166 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 155 ක් පමණයි .ඒ අනුව ලකුණු 10 ක ජයක් ලැබීමට බංගලාදේශ ක්‍රීඩිකාවන්ට…

තව කියවන්​න

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා . කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මීටර 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි . නැගෙනහිර පළාතේද සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ. .

තව කියවන්​න

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් බටහිර රටවලට දෙශාරෝපනය කර තිබෙනවා . ඔහු සදහන් කර ඇත්තේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බටහිර බලවතුන් අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි . එයින් සිදුවන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් රුසියන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයාට පවසා තිබෙනවා . මහා බි්‍රතාන්‍යය පසුගිය දා ඔවුන්ගේ හමුදාවේ ඇතිිචැලෙන්ජර් 2’ වර්ගයේ ප්‍රබල යුද ටැංකි දෙකක් යුක්රේන හමුදාවට ලබා දී තිබුනේ රුසියන් හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමටයි . මේ අතර ඇමෙරිකාව සහ ප්‍රංශය ඔවුන් සතු මිසයිල නාශක පද්ධති යුක්රේන හමුදාවට ලබා…

තව කියවන්​න

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ෂෙන් ෂු මහතා ඇතුළු පිරිස කොළඹදී ඊයේ සමුළුවකට එක් වුණා . අදාළ පිරිස මෙරටට පැමිණ ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් රැගෙනයි . චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම සමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියා . එහිදී චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සූර්ය බල ඒකක 1,000ක් පරිත්‍යාග කිරීමටයි කටයුතු කලේ . ලොව විශාලතම සුනිත්‍ය බලශක්ති නිෂ්පාදකයා, පාරිභෝගිකයා සහ අපනයනකරු ලෙස සැලකෙන්නේද චීනයයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහාය වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන නියෝජිත පිරිස හමුවු අවස්ථාවේ ඉල්ලීමක් ද සිදුකර තිබුණා .

තව කියවන්​න

මාර්ගගත ක්‍රමයට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසනවා. ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතයි . මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන් පැවසුවේ ඊයේ පැවති විශේෂ පාලක සභා රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය හිමිවූ බවයි .

තව කියවන්​න

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවත් වීමට තීරණය කර තිබෙනවා . මෙම රැස්වීමේදී මැතිවරණය සදහා නිදහස් පක්ෂය ලෙස තනිව ඉදිරිපත් වන දිස්ත්‍රික්ක පිලිබදව තීන්දුවක් ගැනීමට නියමිත බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් තිලංග සුමතිපාල මහතා පවසුවේ . මේ අතර ඊයේ දිනයේදීත් පැවත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් විවිධ අදහස් පල කළා . මේ එලෙස අදහස් දැක්වූ විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස ,එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් තිලංග සුමතිපාල ,ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් සහ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න යන…

තව කියවන්​න