- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: VNews
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින බහු කාර්යය සහයකයින් තිස්පන්දහසකට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසුවේ. ඔහු පැවසුවේ භඪූ සුදුසුකම් සපුරා තිබීම මත ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවයි.
ගොයම් කහපැහැ වීම වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී පොහොර අනිවාර්්‍යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වී වගා කිරීමෙන් පසු සති 4ත් 6ත් අතර කාලය තුළ මෙලෙස පොහොර යෙදිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැනට වාර්තා වී තිබෙන ගොයම් කහපැහැ වීමට ප්‍රධාන හේතුව පෝෂණ ඌණතාවන් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම තත්ත්වයන් බණ්ඩි පොහොර යෙදීම තුළින් වළක්වා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
තමාගේ ඉඩමක කංසා වගා කරන බවට මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියෙන් තමාගේ කීර්තිනාමයට සහ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වී ඇතැයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු පැවසුවේ මෙම ප්‍රවෘත්තියට විරුද්ධව මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.
අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පැවැත්වීම වෙනුවෙන් අවසර ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්. මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළා. මේ අතර පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කළ නියෝගය සම්බන්ධයෙන්ද…
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දී තිබෙතවා. 2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාවට ලක් කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම…
පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කීපයක් සඳහා අත ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් සභා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් තරඟ කිරීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ. එමෙන්ම කොළඹ, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා. මේ අතර නිදහස් ජනතා සන්ධානය දෙකඩ වී ඇති බව ප්‍රකාශ කළද එවැන්නක් සිදුව නොමැති බව එහි සාමාජික විමල් වීරවංශ මහතා පැවසුවා.
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතු`ඵ සමාජයේ අවධානයට ලක් වී ඇති පවුල් සඳහා සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රජයෙන් ලබා දීමට නියමිත මුදල් සහනය තවත් මාස 5ක් ඉදිරියට ලබා දීමට නියමිතයි. මෙම වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා එම මුදල් සහනය ලබා දෙනු ඇති.
ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්පන්දහසකට ආසන්නයි. එමෙන්ම බ්‍රසීලයෙන් 23000ක්, ජර්මනියෙන් 17000ක් හා දකුණු කොරියාවෙන් 14000 ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදි සිදුවී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 284 වාර්තා වන්නේ ජපානයෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ තිස්දෙදහස ඉක්මවා ගියා. හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි දහසය ලක්ෂයකට අධිකයි.
විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසු ව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවැත්වුණු කැබිනට් සාකච්ඡාවේ දී මෙම අනුමැතිය හිමි වූ බව යි සඳහන් වන්නේ. මේ අතර, අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන වියදමින් 6%ක් අවුරා තැබීමටත්, ඉන් 1%කට සමාන ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව යි වාර්තා වන්නේ.
පෑලියගොඩ – බියගම මාර්ගයේ කළු පාලම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ තුවාල ලැබූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට දැනට සති කිහිපයකට පෙර ඇප ලබා පැමිණි අයෙකු බවයි. ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවට දැනට සිදු කරන ලද විමර්ශනපදී අනාවරණය වී ඇති බවයි පෙලිසිය කියා සිටියේ. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222