Author: VNews

දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස පාකිස්තානය, ඉන්දියාවට ආරාධනා කර තිබෙනවා. පාකිස්තාන අගමැති ශේබාස් ෂරීෆ් එම ආරාධනය සිදු කර ඇති බව සඳහන්. ඔහු පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග සාකච්ඡා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විය හැකි බවයි. එහිදී කාශ්මීරය ඇතුළු අනෙකුත් ප්‍රශ්න ගත කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත හැකි බවද පාකිස්තාන අගමැති ශේබාස් ෂරීෆ් පවසා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. බ්ලූම් බර්ග් ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය සදහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක මුදල නිදහස් කර ගැනීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් ඒ හරහා විසදෙන බවයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වී පාර්ශ්වික ණය හිමිකරුවෙකු වන බවද බ්ලුම් බර්ග් වෙබ් අඩවිය උපුටා දක්වා තිබෙනවා. බ්ලුම් බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කරන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය පසුගිය 16 වනදා පස්වරුවේ ඉන්දියාව නිකුත් කර ඇති බවයි. එය ඉතා ධනාත්මක වර්ධනයක් ලෙස ද බ්ලූම් බර්ග් වෙබ් අඩවිය හදුන්වා දී තිබෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය…

තව කියවන්​න

ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරග සංචාර සඳහා තෝරා ගැනීම්වලට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු වන ඔහුට පසුගිය කාලයේදී ශල්‍යකර්මයකට මුහුණ දීමටයි සිදු වුණේ . ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ . කෙසේ වෙතත් 2021 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව කුසල් ජනිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නැහැ.

තව කියවන්​න

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ . කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

තව කියවන්​න

නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 වසරේ නොවැම්බර් මාසයේ අදාළ වාර්තාවල දැක්වෙන්නේ නිෂ්පාදන අංශයේ කළමනාකරුවන්ගේ දර්ශකය 42.1 ක අගයක් ගත් බවයි . එය දෙසැම්බර් මාසයේදී 44.8 ක් ලෙස සටහන් වී තිබෙනවා . සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 51.6 ක් ලෙස දැක්වෙන අතර, එය නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 2.6 ක ඉහළ යෑමක්.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යොජනා කැඳවීම අද සිට ආරම්භ වීමට නියමිතයි. එළැඹෙන 21 වැනි දා මධ්‍යාහන් 12 දක්වා ඒ සඳහා අවස්ථාවද හිමි වනවා . 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබණු ු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැනපත් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කෙරෙන්නේද ඒ අනුව යි. මේ වන විට දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්…

තව කියවන්​න

තමන් මෙවර පළාත් පාලන ආයතන චන්ද විමසීම සදහා ඉදිරිපත් නොවූනද මැතිවරණයට ඉදිරිපත් වන ආදිවාසි නියෝජිත පිරිසට තම සහයෝගය ලබා දෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තම ආදිවාසී ප්‍රජාව මුහුණදෙන ගැටළු වලට විසදුම් ලබා ගැනීමට නම් අනිවාර්යෙන් හඩක් නැගිය යුතු බවයි මෙහිදී ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් වැඩි දුරටත් සදහන් කලේ .

තව කියවන්​න

නිසියාකාරව විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑමට නොහැකිවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් . ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 108 කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි. මේ අතර අද දිනයේත් පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා . ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති…

තව කියවන්​න

සමාජයේ ඇති බරපතලම වරදක් වන මනුෂ්‍යයකු ඝාතය කිරීම තුලින් කිසිදු පුද්ගලයකුට ප්‍රශ්න සදහා පිළිතුරු සෙවීම සිදු කල නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා . කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ . කොළඹ තුර තරග පිටියේ තරුණියක් ඝාතනය කිරීම , මහනුවර පාසලක ආරක්ෂක නිලධාරියෙකු ඝාතය කිරීම සහ කැලණිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා . මෙම ක්‍රියා සදහා මත්ද්‍රව්‍ය භාවිතය සහ නුසුදුසු පුද්ගලයින් ආශ්‍රය කිරීම ද හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කලේ .

තව කියවන්​න

විපක්ෂයේ පක්ෂ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විරුද්ධ වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා . අදාළ පනත තුලින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමයි. එම ක්‍රමවේදයට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී ඊයේ කරුණු දැක්වුවා . මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමටයි තීරණය කෙරුනේ . මෙම පනත් කෙටුම්පත ගෙන එන ලෙසට මෙරට සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් ඉල්ලීම් කිරීම හේතුවෙන් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

තව කියවන්​න