- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: VNews
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි වියේ පසු වූ මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතකයින් විසින් අනතුරුව ඇයගේ නිවසට ද ගිනි තබා පළා ගොස් ඇති බව සඳහන්. අදාළ කාන්තාව කපා කොටා ඝාතනය කර ඇති බවට සැක පළ කෙරෙන්නේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇති ශාන්ති පදිමිණී නමැති කාන්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිට ඇති කාන්තාවක බවද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර…
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි. මේ අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ද පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. ඊට විපක්ෂය සහභාගි වී නොසිටි බවද සඳහන්. කෙසේ වෙතත් පනත් කෙටුම්පත පිළිබද විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත් වුණා. එහිදී පනතට පක්ෂව ඡන්ද 23 ක් සහ විරුද්ධව ඡන්ද 06 ක්…
කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළා. කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද(18) සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරුණා. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් වෛද්‍ය වාර්තා කිහිපයක්ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම සැකකරු 2018 මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙමින් සිට ඇති බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික…
අභූත චෝදනා මත සිරගත කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විරෝධතා ව්‍යාපාරය තවදුරටත් පැවැත්වෙනවා. සජීවි දර්ශන මෙතැනින් නරඹන්න.
හැටන් නගරයේ ප්‍රධාන දමිල පාසලක සේවය කරන ගුරුවරියක් අද (18) දින පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ හැටන් නගරයට පිවිසෙන අතරතුර එම ගුරුවරියගේ කර බැදි රන් මාලය කඩාගෙන දිවගිය තරුණයෙකු අල්ලා පහර දි හැටන් පොලිසිය වෙත භාර දි තිබෙනවා. අද (18) පස්වරු 2ට පමණ පාසල නිමවීමෙන් පසු ගුරුවරිය නිවස කරා යාමට නගරයට පැමිණෙන අතරතුර ඊට පසුපසින් පැමිණි තරුණයා ගුරුවරිය ගෙල බැද තිබූ පවුම් තුනක් පමණ බරකින් යුත් රන් මාලය සහ තැල්ල කඩාගෙන හැටන් නගරය මැද්දෙන් දිව යන අවස්ථාවේ හැටන් නගරයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිසක් විසින් සැකකාර තරුණයා අල්ලා පහර දි පොලිසිය වෙත භාර දී තිබෙනවා. සැකකරු අල්ලාගත් අවස්ථාවේ…
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ජී.එස්. විතානගේ මහතායි. විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද , කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා. 1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය සංචාරක ගුවන් සේවා ප්‍රවාහන මහාමාර්ග යන අමාත්‍යාංශ වල සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, පුනරුත්ථාපන, බන්ධනාගාර, නැවත පදිංචි කිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා…
පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේදී වැඩි ඡන්ද 17කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. එමෙන්ම ඊට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්ෂව ඡන්ද 6ක් ලැබුණ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර අද දින පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් හට ගත්තා. එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සිරිගත කොට සිටි සරත් ෆොන්සේකා මහතාව ෆීල්ඩ් මාර්ෂල් ධූරයට පත් කරනු ලැබුවේ තමන් බවයි. හමුදාපති ලෙස කටයුතු කරන අවධියේදී බොහෝ අවස්ථාවල ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ තමුන් ජාතික ආරක්ෂාව පිළිබඳ මා හට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේ…
මෙම දින වල පැතිරී යන වයිරස් උණ ඉන්ෆලුවෙන්සා ඒ ප්‍රභේදය බව ශ්‍රී ලංකා වෛද පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා. මෙම වෛරස් රෝගී තත්ත්වයෙන් වැඩිහිටියන් සහ ගර්භණී මව්වරුන් ආරක්ෂාකාරී වීම වඩාත් කාලෝචිත බවයි වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අද කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදා ගන්නා කාඩ්පත්වල හිඟයක් මතුව තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පත් අයඳුම් කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කරන බවයි. ඒ අනුව මෙම ලියවිල්ල දෙස් විදෙස් විභාග කටයුතු ඇතු`ඵ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා වලංගු වන බවයි ඒ මහතා කියා සිටියේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජාතික හැඳුනුම්පත් සැකසීම සඳහා අවශ්‍ය කාඩ්පත් ලබන අගෝස්තු මාසයේ පමණ වන විට ආනයනය කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් යම් කිසි පුද්ගලයෙකු හට කාඩ්පතක් ලෙස සිය ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් අදාළ…
කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී සිය පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේ අදාළ තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරුණා. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222