Author: VNews

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවයි. මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සපයා ගැනීමේ ගැටළු පවතින බවයි. මේ වන විට මෙරට ඉන්ධන ඉල්ලුම 40%කින් පමණ පහළ බැස තිබෙනවා.

තව කියවන්​න

සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළ බව සඳහන්. කෙසේ වෙතත් සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිියේ.

තව කියවන්​න

එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් විසින් ගෙවිය යුතු ගාස්තුවයි. ඒ අනුව කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන මගීන් නැව්ගත කිරීමේ ගාස්තුව ලෙස ඇමෙරිකානු ඩොලර් 30ක් ගෙවිය යුතු අතර මෙම ගාස්තු 2022 මාර්තු 27 සිට 2023 මාර්තු 26 දක්වා අය කෙරෙන බව සඳහන්. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවෙන් පිට වන සෑම පුද්ගලයෙකුගෙන් ම ඇමෙරිකානු ඩොලර් 30ක බද්දක් අය කෙරෙන අතර, 2023 ජනවාරි 12 සිට 2023 ජූලි 11 දක්වා කාලය තුළ එම ගාස්තු අදාළ වනවා. මත්තල, රත්මලාන හෝ යාපනය ජාත්‍යන්තර…

තව කියවන්​න

නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක කාලයක් ගත වූ බවත් මෙම වසර අග දී පැවැත්වෙන මැතිවරණයෙන් තමන් නැවත තේරී පත් වීමට අපේක්ෂා නො කරන බවත් වාර්තා වනවා . ඒ අනුව ජෙසින්ඩා ආර්ඩන් පෙබරවාරි 7 වැනි දා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව යි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

තව කියවන්​න

ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබා දීමට සමාගමක් පියවර ගෙන තිබෙනවා. එම සමාගම විසින් අදාළ කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදීයි. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000 ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතයි. එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය…

තව කියවන්​න

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා වැඩ භාරගනු ලැබුවා. ඒ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි. ජී.එස්.විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද , කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා. 1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති වරයා ලෙස ද සේවය කර ඇති අතර රාජ්‍ය සේවයේ වසර 37 කට අධික කාලයක් අත්දැකීම් ඇති නිලධාරියෙක්.

තව කියවන්​න

ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අගමැතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන උළෙල අමතමින්. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු කියා සිටියේ කාර්මික විප්ලවයේ තුන්වැනි අදියරේ සිට හතරවැනි අදියරට රට ගමන් කරමින් පවතින මොහොතක තරුණ ප්‍රජාවට විශාල වගකීමක් පැවරෙන බවයි.

තව කියවන්​න

උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැතිවීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් පසුගියදා නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය වීම හේතුවෙන් අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් යළි එම ආකෘති පත්‍ර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබෙනතුරු මහජනතාව අපහසුතාවයට පත් නොකිරීමේ උපක්‍රමයක් ලෙස එම නිවේදනය පළ කිරීම සිදුකර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පෙන්වා දෙනවා.

තව කියවන්​න

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ලුසිල් රුන්දොන් නමැති කන්‍යා සොයුරිය මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජීවත් වූ 118 හැවිරිදි වියේ පසු වූ ඇය ටූලෝන් හි පිහිටි වැඩිහිටි නිවාසයකදී මෙලෙස මිය ගොස් ඇති බවයි. 1904 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලැබූ ලුසිල් රුන්දොන් කන්‍යා සොයුරිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

තව කියවන්​න