Author: VNews

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. එහිදි විපක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි. අදාළ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පක්ෂ විපක්ෂ වාද විවාද මැද මෙම පනත අද දින දීර්ඝ වශයෙන් අවධානයට යොමු වුණා. මේ අනුව මෙම පනත පිළිබඳව ඊයේ දිනයේදීත් ජනාධිපතිවරයා සහ පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. කෙසේ වෙතත් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ සඳහා සහභාගි නොවූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර රැකියා නොමැතිව රටින් පිටත්ව ගොස් රට රැකියා සඳහා යාමට සිදුව ඇති මොහොතක…

තව කියවන්​න

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා   බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන සිටීමේ පුවතක් වර්තවුනා. පසුහිය දිනෙක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ කොළඹ ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් ගංජා භාවිත කරන බවයි. එම ප්‍රකාශය හේතුවෙන් කෝපයට පත් කනිෂ්ට සේවකයින් පිරිසක් විසින්   නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා තබා  ගැනීමට කටයුතු කර තිබෙනවා. රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවය කරන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පසුහියදා  ප්‍රකාශ කර තිබුනා. ඒ හේතුවෙන් ඇතැම් සුළු සේවකයින් රෝගීන්ගේ බඩු භාහිරාදිය පවා සොරකම් කිරීමට…

තව කියවන්​න

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින්. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ආදිවාසින් ඉල්ලා සිටින්නේ. ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් කඩ වීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. මේ අතර, මෙරට ආදිවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මූලික කර ගනිමින් සැකසුණු ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත අලුතින් ගෙනවිත් භාර දෙන ලෙස සිය`ඵම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලිධාරින් වෙත මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. මේ අතර ලොව කිසිඳු රටක් ආර්ථික සාධක මත පදනම්ව මැතිවරණ කල් දැමීම සඳහා ක්‍රියා නොකරන බව පැෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ ඇතැම් රටවල් ජාත්‍යන්තර සහය ඇතිව හෝ රට තුල මැතිවරණ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි. කොළඹදී අද පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් කිහිපයක රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් ජනතාව අසීරුතාවයට පත් වී ඇති බවයි. ඔවුන්ට සායන හා බාහිර රෝගී අංශවලින් ලබා ගත යුතු ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදී ගැනීමට සිදු වී ඇති බවයි චමිල් විජේසිංහ මහතා කියා සිටියේ. අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රෝහල්වල ඖෂධවල යම් කිසි අඩුවක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ කුමන අපසුකම් තිබුණද මෙම වසරට…

තව කියවන්​න

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඇතු`ඵ දූත පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතු`ඵ රජයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කළේ. එහිදී බලශක්ති ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරුව සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට…

තව කියවන්​න

අද දිනයේ දී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙනවා. මේ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස ජීවන් තොන්ඩමන් මහතා දිවුරුම් දෙනු ලැබුවා. මේ අතර මහින්ද අමරවීර මහතා, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යධූරයේ කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

තව කියවන්​න

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස් වුණේ, ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට මගපාදමින් බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා. අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. අමාත්‍යවරියක් සහ අමාත්‍යවරයෙකු ඊට අයත් බවද සඳහන්.

තව කියවන්​න

විශ්‍රාමික ගෙවීම් මෙම මාසයේදී සම්පුර්ණ කරගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශ්‍රාම වැටුප් සම්බන්ධව පැන නැගී ඇති ගැටළු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා යොමුකළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින්. ණය ලබා ගනිමින් හෝ එම ගෙවීම කිරීමට උපදෙස් දෙන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 88 වන වියේ පසුවුනා. ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද ගඟ අද්දර චිත්‍රපටය මහත් ජනාදරයට පාත්‍ර වූවා. ගැහැනු ළමයි – යහළු යෙහෙළි – මායා – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස – සක්මන් මළුව මෙන්ම යහළුවෝ චිත්‍රපට ඇයගේ අධ්‍යක්ෂණයන්. 1990 දශකයේ අගභාගයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කලා.

තව කියවන්​න