- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: VNews
පළාත් පාලන මැතිවරණය සඳහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විට ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව දේශපාලන වේදිකාවද එන්න එන්නම උණුසුම් වී නව මුහුණුවරක් ගනිමින් පවතිනවා. මේ වත්මන් දේශපාලන වේදිකාවේ සිට ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ජානාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් පල කල අදහස්.
හෙලිකොප්ටර් අනතුරකින් යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්වීම අනතුරක්ම නොවන බව එරට ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා. යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හෙලිකොප්ටර් අනතුරින් පසුව එම යානය කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබුණා. කෙසේ වෙතත් මෙම අනතුරට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය අමතමින් සදහන් කලේ යුද ගැටුම් වල අතුරු ප්‍රතිඵලක් ලෙස මෙය සිදු වු බවයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වීම පිළිබඳ තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබා ගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබා දීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළ කරන බවයි. මේ අතර සියලුම ණය හිමියන් සාධාරණ සහ සමාන ණය සහනයට එකඟවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය වීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද තානාපතිවරිය අවධාරණය කර තිබෙනවා.
මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර් සිද්ධිය පිලිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම සිද්ධිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබුණු බවයි. ඒ අනුව නීතිමය ක්රිසයා මාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය මහතා සඳහන් කළා.
විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව පසුගිය වසරේ ලද පැමිණිලි විභාග කොට ඒජන්සි පාර්ශව වෙතින් රුපියල් තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක මුදලක් අයකරගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි විශේෂ විමර්ශන අංශය සඳහන් කළේ විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හමුවේ ආපසු පැමිණීමට සිදුවීම වැනි කරුණු පදනම් කරගෙන පැමිණිලි ලැබී තිබුණු බවයි. මෙම මුදල පසුගිය වසරේ ජනවාරි 01 දිනසිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල පමණක් විභාග කල පැමිණිලිවලට අදාලව එම පැමිණිලි පාර්ශවලට අයකර දී තිබෙනවා. කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කිරීමට චක්‍රලේඛ මගින්…
මැතිවරණ කාල සීමාව තුළ දී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින්, පක්ෂ- කණ්ඩායම්- අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද වීමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ දෙවන මහලේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 071 916 0000 අංකයෙන් Viber සහ WhatsApp මගින් පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. පැමිණිලි සඳහා 0112 8600 56, 0112 8600 59 සහ 0112 8600 69 යන දුරකතන අංක ද ගනුන්වා දී තිබෙනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා…
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ. එල්. එම්. සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්. එම් අසීම් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පෙත්සම මාර්තු මස 24 වනදා යළි කැඳවීමට නියමිතයි.
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ලෝක බැංකු දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 ක්. ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබුනා. නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබෙනවා. ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්වයි මෙම දර්ශකය සැකසී ඇත්තේ. මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර…
සරුංගල් උත්සවයක් අතරවාරයේ දී තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියවෙන් වර්තවනවා. ඉන්දියාවේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන උත්තරායන් නම් වූ උත්සවයකදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම සරුංගල් උත්සවයේදී ඇතිවූ විවිධ අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්. සරුංගල් තරගවලදී ප්‍රතිවාදී සරුංගල් වල ඇති ආධාරක නුල් කපා හැරීම සඳහා බොහෝවිට තියුණු තල සහිත ආධාරක නුලක් යොදා ගනු ලබනවා. එලෙස යොදා තිබු සරුංගල් නුලක පැටලී ගෙල ප්‍රදේශයට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මෙලෙස කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.…
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන් වනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවයි. මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සඳුදා දිනයෙන් ආරම්භ වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222