- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
- ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
Author: VNews
මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පනත සම්මත වීමත් සමග මැතිවරණ වියදම් නියාමනය සඳහා නව රෙගුලාසි සම්පාදනය කළ යුතු බවයි. මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුනා. ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36ක්. සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත…
පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා. පොලිස් මුලස්ථානය පැවසුවේ මෙම හිමිනම පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩමළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ අනතුර සිදුව ඇති බවයි. පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව අපවත් වී ඇති බවද පොලිස් නිවේදනයේ සඳහන්. අපවත් වී ඇත්තේ 18 වන වියේ පසුවූ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක්. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ, එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී යි. කෙසේ වෙතත් බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව සඳහන්. එහෙත් කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නො හැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කමිටු රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි. එමෙන්ම නාම යෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය ද හෙට දහවල් 12 ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබූ බවත් දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී ඇති බවත් සඳහන්.
ඉදිරි දිනවලදී නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පැවති එම සාකච්ඡාවට එහි සභාපති ජනක රත්නායක මහතා වෙත කිසිදු කැඳවීමක් ලැබී නො තිබූ බව යි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිවු දෙනෙකුගෙන් සමන්විත මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි තිදෙනා ජනාධිපතිවරයා කර තිබූ කැඳවීමට අනුව මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැද ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර තිබෙනවා. ඒ ජමෙයිතුල් උලමා සංවිධානයේ සංවත්සර උත්සවයට එක්වෙමින්. සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයට වසර 100 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
2023 මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර ඇති බව සඳහන්. මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදු කරනු ඇති බවයි. මේ අතර රජය විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය ද ඊයේ දහවල් කොටුව ලංකා…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිඳු හැකියාවක් නොමැති බැවින් මෙලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කළ බවයි. මේ එහිදී වැඩිදුරටත් අදහස් පල කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල සහ දෙමළ පාසල් තෙවන වාරයේ දෙවන අදියර අදින් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර ලබන පෙබරවාරි මස හය වන සඳුදා දින අවසන් වන බවයි. මේ අතර සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර ලබන පෙබරවාරි මස 20 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222