- ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා
- මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
- පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
- පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
- කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
- කෝලි යළි වාර්තා අතරට
- පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
Author: VNews
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසත් දක්වමින්. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මේ අතර බිත්තර සඳහා මිල සූත්‍රයක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පීළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබුණා. ඒ එම අධිකාරියේ නිලධාරින් කොප් කමිටුව හමුවට කැඳවූ අවසථාවේදියි. බිත්තර ආනයනය සඳහා ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32 යි ශත 5කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බවයි එහිදී…
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරත වුණා. මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් අද දහවල් ලෝටස් මාර්ගය ද පැය කිහිපයක් වසා දැමුණා. එමෙන්ම අද දහවල් නෙළුම් පොකුණ ඉදිරිපිටට රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරෝධතාවට පොලිසියෙන් බාධා එල්ල වූ අතර පසුව එම පිරිස බස් රථවල නැගී මුදල අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට කටයුතු කළත් ඒ සඳහාද පොලිසියෙන් බාධා මතු වුණා. එහිදී ද විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මාධ්‍යට නිසි ලෙස අදහස් දැක්වීමට හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන්ට අවසර හිමි වුයේ නැහැ. කෙසේ වෙතත් එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති…
දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්න පැල්පත් නිවාස පේළියක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් ඉවත් කර තිබෙනවා. ගුර් යොන්ග් ගම්මානයේ ඇති වූ ගින්නෙන් නිවාස 60 ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න පාලනය සඳහා ගිනි නිවන භටයින් 900කට වැඩි පිරිසක් සහ හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදවා ඇති අතර පැය පහක පමණ මෙහෙයුමකින් ක්‍රියාත්මක කල බව සෝල් බලධාරීන් පවසනවා. හානිය අවම කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපති යූන් සුක්-යෙයෝල් උපදෙස් ලබා දුන්නේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙමින් සිටියදියි. මෙම තාවකාලික නිවාස ප්‍රදේශය අගනුවර ඉතිරිව ඇති අවසන් මුඩුක්කු කලාපය ලෙසයි එරට මාධ්‍ය විස්තර කළේ. ගින්නට…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳ මෙහිදි අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තුතිය පල කර තිබෙනවා. එහිදි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩ එනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සාර්ථක කර ගැනීමට හැකි සෑම ආකාරයෙන්ම සහාය ලබා දීමට සූදානම් බව එස්. ජයිශංකර් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන වත්මන් ගනුදෙනු…
මෙවර පලාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා අදාළ නාමයෝජනා අද දිනයේදී මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වයි. වික්‍රමසිරි මහතා වෙත භාර දුන් බව සඳහන්. අතිරේක නාම යෝජනා ලැයිස්තුවෙන් හඳුන්නෙත්ති මහතා මේ සඳහා ඉදිරිපත් වී ඇති අතර එම කණ්ඩායමට නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන්ද ඇතුලත්. මේ අතර පළාත් රැසක නාම යෝජනා භාර දීම පක්ෂ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදි අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණයකට අවතීර්ණ වීමට රජය…
මේ මොහොතේ රාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදුන් පෙත්සම පිළිබඳව අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණ වියදම තවදුරටත් රාජ්‍ය මූල්‍ය තත්ත්වයට ඉතා අහිතකර බලපෑම් ඇති කරන අතර මැතිවරණය සඳහා සම්පත් උපයා ගැනීම භාණ්ඩාගාරයට ඉතා අභියෝගාත්මක කරුණක් වනු ඇති බවද එම පෙත්සම මගින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දී ඇති බවයි.
මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි වර්තා වනවා. සමඟි ජනබලවේගය පකෂ්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ කිරීමටයි. මේ ඒ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී විශෙෂ් පක්‍රාශයක් කරමින් කරුණු දැක්වූ මුජිබර් රහුමාන් මහතා මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට…
යුක්රේනයට යුද ටැංකි සැපයීම සඳහා වන ඉල්ලීම් වේගවත් කිරීම සඳහා මිත්‍ර රටවල් රැසක් අද හමුවක් කැඳවා තිබෙනවා. නිරිතදිග ජර්මනියේ පිහිටි එක්සත් ජනපද රැම්ස්ටයින් ගුවන් කඳවුරේදී රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් හමුවීමට නියමිතයි. එහිදී ආයුධ සැපයුම් සම්බන්ධීකරණය පිළිබඳ එකඟතාවකට පැමිණෙනු ඇති. අද හමුව කැඳවා ඇත්තේ – රුසියානු ප්‍රහාරවලින් බේරීමට යුක්රේනයට උපකාර කිරීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් කිහිපයක් තවත් උපකරණ ලබා දීමට ප්‍රතිඥා දීමෙන් අනතුරුවයි. ජර්මනිය – අති නවීන යුධ ටැංකි යුක්රේනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට පැමිණ නැහැ. එක්සත් රාජධානිය මෑතකදී යුධ ටැංකි 14ක් යුක්රේනයට යවා ඇති අතර ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ – බොහෝ යුධ ආධාර අවශ්‍යව ඇති බවයි.
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී එය සිදු කෙරෙන බවයි. 88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වුවා. ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි. අවසන් කටයුතු හෙට පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකෙරෙනු ඇති.
ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බව අලුත් පියාපත් සංවිධානය පවසනවා. එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා සඳහන් කළේ ව්‍යවස්ථා, නීති ගැට`ඵ ආදී කුමක් සම්පාදනය කළද ඒ සියල්ල බිඳ දැමීමට තරම් ජනතාව ශක්තිමත්ව සිටින බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222