- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. 88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය පෙරේදා අභාවප්‍රාප්ත වුවා. ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි. සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ගඟ අද්දර චිත්‍රපටය මහත් ජනාදරයට පාත්‍ර වූවා. ගැහැනු ළමයි – යහළු යෙහෙළි – මායා – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස – සක්මන් මළුව මෙන්ම යහළුවෝ චිත්‍රපට ඇයගේ අධ්‍යක්ෂණයන්. 1990 දශකයේ අගභාගයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කලා. අවසන් කටයුතු අද පස්වරු 4ට…
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා වූ කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවන බවයි. එම කාලය තුළ දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටු වනවා. ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශවල සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශවල මෙන්ම රත්මලාන හා කටුබැද්ද ප්‍රදේශවලද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් වනවා. මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් කෙරුනා. මේ වන වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැලකිය…
එළඹෙන මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේම ගොවීන්ට සැපයීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව ටී.එස්.පී හෙවත් මඩ පොහොර නෞකාවක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන යල කන්නයේ ගොවීන්ට අවශ්‍ය සම්පුර්ණ මඩ පොහොර ප්‍රමාණයම නොමිලේ ලබාදීම රජයේ ඉලක්කයයි. මේ අනුව අවශ්‍ය පොහොර ගෙන්වීම මේ වන විට සිදු වනවා. මහ කන්නයට අවශ්‍ය මඩ පොහොර ද ලබා දීමට තීරණය කර තිබුණත් ඒවා මිලදී ගැනීමට නොහැකි වුණා. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනය පොහොර අපනයනය නතර කිරීම ඊට හේතුවයි. කෙසේ වවුද යල කන්නයට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් තිස්හයදහසක් සහිත නැවක් ලබන මස පළමු සති දෙක ඇතුලතදී මෙරටට ලගා වීමට…
චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා. චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන බවයි. එමෙන්ම එය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට මහෝපකාරී වන බවද චීනය ප්‍රකාශ කළා.
නුවරඑළිය – නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී ප්‍රපාතයකට පෙරලියාම හේතුවෙන් හත් දෙනෙකු මියගොස් තවත 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. කොළඹ, තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදු තිබෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මිය ගොස් ඇති බවත් මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බවත් පොලිසිය සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනෙකුට…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මෙහිදී දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ප්‍රකාශ කළා. ශ්‍රී…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. එහිදි සභාපතිවරයා කියා සිටියේ ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා තමන්ට ඇරයුම් නොකළ බවයි. එමෙන්ම විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා එකඟ නොවූ බවත් එමෙන්ම තමන් සමඟ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය ද එයට එකඟ වී සිටියදී ජනාධිපතිවරයා ඉදිරියේ එය පිළිනොගන්නා බවට පැවසීමත් කණගාටුදායක බවයි ජනක රත්නායක මහතා කියා සිටියේ. ආර්ථික පීඩනයෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව පාරිභෝගිකයන් රැසකගේ විදුලි පරිභෝජනය අඩු වී ඇති බවත්, බොහෝ විසන්දි වීම් මේ…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල 60%කින් පමණ පහත වැටී ඇති බව සඳහන්. තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 100ත්, 110ත් අතර මිලකටත්, ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක වැනි මිලකටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සිල්ලර මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජාල සැපයුම අත්හිටුවෙනු ඇති. එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයීම අත්හිටුවෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව හෙට උදැසන 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222