- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වැන් රථය අනතුරට පත්විමෙන් ජිවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි . ඒ හැටන් දික්ඔය ජුම්මා පල්ලියේ සුසාන භුමියේදි. දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් වල සුදු කොඩි ඔසවා තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කලේ . මේ සමබන්ධයෙන් පවුලේ ඥතීන් සහ ප්‍රදේශවාසීන් අදහස් පල කළා . පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා. එම අනතුරින් සිසුන් 41ක් ඇතුළුව 53 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා . මේ අතර ඊයේ රිය අනතුර සමබන්ධයෙන් තර්ස්ටන්…
Google සමාගමට අනුබද්ධ ඇල්ෆාබෙට් ආයතනයේ සේවකයන් 12,000 ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ගෝලීය ආර්ථික පසුබෑම තම ආයතනයද කඩා වැටීමකට ලක්ව ඇති බව ඇල්ෆාබෙට් ප්‍රධානි සුන්දර් පිචායි – සංදේශයක් මගින් සේවකයන් වෙත දන්වා තිබෙනවා. ඒ අනුව කෘතිම බුද්ධිය දෙගුණ කිරීම සහ පර්යේෂණාත්මක ව්‍යාපෘති සඳහා සහාය දක්වන කාර්ය මණ්ඩල සාමාජිකයන් දහස් ගණනකට රැකියාව අහිමි වනු ඇති. මෙම රැකියා කප්පාදුව එහි ශ්‍රම බලකායෙන් 6%කට බලපාන බවයි Google සමාගම දන්වා සිටියේ.
නුවරඑලිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසනවා. එම මාර්ගය අධික බැවුම් සහිත මාර්ගයක් බැවින් බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ නානුඔය පොලිසිය තමන්ගෙන් කල ඉල්ලිමක් මත මෙම පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. ඒ අනුව විකල්ප මාර්ගයක් ලෙස නානුඔය කිරිමැටිය මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය සම්පුර්ණයෙන් තහනම් කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශව සමග සාකච්ඡා කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා. රදැල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදු…
රුසියානු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට G 7 රටවල් එකඟ වී තිබෙනවා. ලබන මාර්තු මාසයේ දී ඒ පිළිබඳ සලකා බැලීමට නියමිතයි. රුසියව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පැනවූ සම්බාධක කොටසක් ලෙස රුසියානු ඉන්ධන සීමා කිරීමට G 7 නායකයින් – යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මස 05 වනදා තීරණය කළා. ඒ අනුව රුසියානු තෙල් බැරලයකට හිමිවන මුදල ඩොලර් 60 සීමාවේ පවතිනවා.
දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ප්‍රියංක අතපත්තු මහතා සඳහන් කළේ මේ වන විට දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවයි. බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය – ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ අනුව සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 44ක්. රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසයි ඉන් නියෝග කර ඇත්තේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා මෙම ගැසට් නියෝගයෙන් දන්වා සිටින්නේ උපරිම මිල ඉක්මවා වෙළඳාම් නොකළ යුතු බවයි.
උතුරුදිග සන්තියාගෝ නුවර ඩෙල් එස්ටෙරෝ ප්‍රදේශයෙන් වාර්තා වූ එය ඒකක 6.5 ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ එරට ජාතික මධ්‍යස්ථානය නිවේදනය කලේ. ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ කම්පනයේ අගය ඒකක 6.8ක් බවයි. භූකම්පනය කිලෝමීටර් 610ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයේ සටහන් වනවා. පැරගුවේ රාජ්‍යයටද එහි කම්පනය දැනී තිබෙනවා. කෙසේ වෙතත් හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර – සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ආරම්භ කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6 සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස බෙදාහරින බවයි. 2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ කෙරෙන අතර පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. මෙවර අයදුම්කරුවන් සංඛ්‍යාව 3,31,709ක්. ඉන් 53,513ක් පෞද්ගලික අයදුම්කරුවන්. බන්ධනාගාර රැඳවියන් සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයක්ද, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන , තංගල්ල ප්‍රදේශයේ විභාග මධාස්ථාන 02 ක් ද, මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක්ද ලෙස විශේෂීත…
අග්නිදිග ආසියාවේ විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ විවෘත කෙරුනා. මෙහි දුර ගමන් සේවා දුම්රිය 52ක් හැසිරවීමේ පහසුකම පවතන බවයි එරට ප්‍රවාහන බලධාරීන් පවසන්නේ. 2021 අග භාගයේ මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් පැරණි දුම්රිය ස්ථානය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව දැක්වූ විරෝධතාව හමුවේ නව දුම්රිය ස්ථානයේ ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වුවා. හෙක්ටයාර 30ක පමණ තට්ටු හතරකින් යුත් මගී නැවතුම්පොළක් ද මෙම නව දුම්රිය ස්ථානයට අයත්.
නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ. කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුර සිදුවුණා. එහිදී වෑන් රථයේ සිටි 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. මියගිය පිරිස අතර අවුරුදු 8 හා 12 යන වයස්වල ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 13 ක පිරිමි දරුවෙකු ද වනවා. මිය ගිය අනෙක් පුද්ගලයන් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන් වන…
නවසීලන්ත කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් හිප්කින්ස් අගමැති ධුරයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජසින්ඩා ආර්ඩර්න් අගමැති ධුරයෙන් ඉවත්වන බවට දැනුම් දීමහේතුවෙන්. ක්‍රිස් හිප්කින්ස් 2008 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2020 නොවැම්බර් මාසයේදී කොවිඩ් පාලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුනා. ඔක්තෝබර මාසයේදී නවසීලන්තය- මහ මැතිවරණයක් පැවැත්වීමටයි සුදානම් වන්නේ. ඒබැවින් ක්‍රිස් හිප්කින්ස් කොපමණ කාලයක් ධූරයේ කටයුතු කරනු ඇත්ද යන්න අවිනිශ්චිතයි. 44 හැවිරිදි හිප්කින්ස් – පොලිස්, අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙසයි මේ වන විට කටයුතු කරන්නේ. ජසින්ඩා ආර්ඩර්න් – පෙබරවාරි 7 වන දින නිල වශයෙන් ආණ්ඩුකාර ජනරාල්වරයා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222