- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අද දැනුම් දීමට නියමිත බව වාර්තා වනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත උපුටා දක්වන්නේ අදාළ දැනුම්දීම අද චීනය විසින් ලිඛිතව සිදු කරනු ඇති බවයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළා.
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ භාරත් ජෝඩෝ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා ගමන් කරමින් තිබියදී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. පාද යාත්‍රාවට එක්ව සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙකු ඉන් තුවාල ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළා. කොංග්‍රස් පක්ෂයේ භාරත් ජෝඩෝ පාද යාත්‍රව ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන්. පාද යාත්‍රාවට නායකත්වය දෙමින්, එය මෙහෙයවන්නේ කොංග්‍රස් පක්ෂ නායකයෙකු වන රාහුල් ගාන්ධි විසින් වීමද විශේෂත්වයක්. පාද යාත්‍රාවේ අරමුණ, කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින්, එය ජනප්‍රිය කරලීම බවයි සඳහන් වන්නේ. මෙම බෝම්බ පිපිරීමත් පක්ෂ ක්‍රියාකාරීන් තුවාල ලැබීමත් සමඟ පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවත්වා…
දිස්ත්‍රික්ක රැසක් සදහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසනවා . ඒ අනුව හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගැනීමට හැකිවූ බවයි කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කළේ. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඒ සදහා විරෝධතා දැක්වීමට ද පැය එකහමාරක කාලයක් ලබාදී තිබුණා . ඉන් අනතුරුවයි දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කිරීමට කටයුතු කලේ . මෙහිදී නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට…
හෙට දිනයේදී විරෝධතාවයක නිරත වීමට නීතිඥ සාමුහිකය තීරණය කර තිබෙනවා . අදාළ විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත්තේ කොළඹ අලුත්කඩේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටයි . විනිසුරු මර්ධනයට ,නීතිඥවරු මර්ධනයට මෙන්ම ජනතාව පෙලන පාලනයට එරෙහිව මෙම විරෝධය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ . අදාළ විරෝධතාවය කළු කබා අරගලය ලෙස නම් කර තිබෙනවා .
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට ඊයේ පස්වරුවේ පැමිණියා. ඒ පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීම සදහායි . එහිදී අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමගද විශේෂ සාකච්ඡාවක් පැවත් වීමට කටයුතු කලා . මේ අතර නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව ඊයේ සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා . මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පසුගිය සිකුරාදා රාත්‍රීයේ සිදු වු මාරක රිය අනතුරින් පසුව පොලීසිය විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ . අදාළ මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය…
විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර යොමු කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ වීමට නියමිතයි . මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා . කෙසේ වෙතත් මෙම විභාගය පැවැත්වෙන කාල සීමාව තුල දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ . ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු දක්වා ඇති බවද වාර්තා වනවා . විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් මත එම දැනුම් දීම සිදුකර…
ගැසට් නිවේදනයේ සදහන් මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන පුද්ගලයින් සදහා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා . එහි සභාපති ශාන්ත නිරීඇල්ල මහතා සදහන් කලේ මෙම ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන සාමාන්‍ය වෙළදාමේ යෙදෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදුවන බවයි . වෙළද ආයතනය සමාගමක් ලෙස ලියාපදිංචි වී අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන්නේ නම් ලක්ෂ 5 හේ සිට ලක්ෂ 50 ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදු වනු ඇති බවද ශාන්ත නිරීඇල්ල මහතා මෙහෙදී ප්‍රකාශ කළා . පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා…
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේනවා . ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කලා . පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන්නා .
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි . මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි . එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ජි 7 රටවල් එක් කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටිනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොල පවසන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ බවයි . දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222