Author: VNews

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් ප්ර්න්නුම් කරන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. ඉහළ පරිභෝජනයක් ඇති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා අද පෙරවරුව වන විට ඉහළ ගොස් තිබුනා. මෙම ජනවාරි මස ආරම්භයේ සිට බොරතෙල් මිලේ ඉහළ යෑම ආරම්භ වූ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ .

තව කියවන්​න

ඇමරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සෝමාලියාවේ අල් ෂබාබ් සංවිධානයේ 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වනවා. සෝමාලියානු රජය සහ අල් ෂබාබ් සංවිධානය අතර ගැටුම් පවතින්නේ 2006 වසරේ සිටයි. සෝමාලියාව තුළ අන්තවාදි ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීම අල්ෂබාබ් සංවිධානයේ ඉලක්කය වීම තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, සහ උතුරුමැද පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් තේරී පත්ව තිබෙනවා. ඒ, ඊට අදාළව ඉදිරිපත් වූ නාම යෝජනාවට පාලක කම්කරු පක්ෂයේ අනුමැතිය හිමිවීමත් සමග යි . නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවයි.

තව කියවන්​න

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී . මේ අතර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි .

තව කියවන්​න

අමෙරිකාව සහ බටහිර මෙන්ම යුරෝපානු රටවල් කිහිපයක්ම මේවනවිට චීනයේ තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවා තිබෙනවා. ඒ ජාතික ආරක්ෂාව සහ චීනය ඔත්තු බලන බවට අනාවරණ වීම හේතුවෙන්. ඒ අනුව චීනය සෞදි අරාබිය, කටාරය සහ අනෙකුත් මැදපෙරදිග රටවල සිය ඩිජිටල් සහ ආරක්ෂක උපාංග අලෙවි සමාගම් ස්ථාපිත කිරීමේ උත්සහයක නිරත වී සිටින බව සදහන්. ඒ අනුව කටාරයේ අමාත්‍යාංශ සදහා චීන සමාගම්වලින් සී සී ටීවී පද්ධතිය මිලදී ගැනීමට සූදානම් වන බව එම වාර්තා අනාවරණ කළා. එමෙන්ම කටාරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය චීන තාක්ෂණික සමාගමක් හරහා මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණික උපකරණ මිලදී ගැනීමේ ගනුදෙනුවකටද එළඹ තිබෙනවා. ඊට අමතරව චීන සමාගම් කටාරය සහ සෞවුදියේ…

තව කියවන්​න

ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් ඔහුන්ට සිරදඬුවම් නියම වී ඇති බව සදහන්. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවයි . ඒ අනුව ප්‍රධාන සැකකරුට වසර හතරක සිරදඬුවමක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම වුනා . එක්සත් රාජධානියේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සංක්‍රමණිකයන් 45,000 කට වැඩි පිරිසක් 2022 දී යුරෝපයේ ප්‍රධාන භූමියේ සිට බි්‍රතාන්‍යයට අනතුරුදායක ලෙස ගොස් තිබෙනවා .

තව කියවන්​න

වයස අවුරුදු 19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද පැවැත්වෙනවා . මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දීය 19 න් පහල කාන්තා කණ්ඩායමට එරෙහිවයි. මෙරට වේලාවෙන් තරගය පස්වරු 05.15 ටයි ආරම්භ වීමට නියමිත වනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සදහා විශ්මි ගුණරත්න විසින් නායකත්වය ලබා දෙන අතර සෞම්‍යා තිවාරි විසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා .

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා. මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වීමේ අවදානමක් තිබෙන බවද ඔහු සදහන් කළා. එමෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සැකයක් පවතින බවද අද පවතී මාධ්‍ය හමුවකදී නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවා . මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය…

තව කියවන්​න

ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද දිනයේ දී ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් අනුවයි . ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන්ව ඡන්ද පත්‍රිකා සැලසුම් කෙරෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කලා. එලෙස සැලසුම් කරන ජන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩිනමින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිතයි . මේ අතර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කැඳවීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. කොමිසම සඳහන් කළේ, ලබන 24 දා එම කැඳවීම කර ඇති බවයි . පළාත් පාලන…

තව කියවන්​න