- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: VNews
විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රමිකයින් පුහුණු කිරිමේ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරිම කෙරෙහි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ අනුකමිටුවේ අවධානය යොමු වුණා. ඒ රජයේ ගිණුම් පිළිබද කාරක සභා අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදියි. ගුණාත්මක භාවයෙන් සහ නිපුණතාවයෙන් යුතු සංක්‍රමණික ශ්‍රමිකයන් විදෙස් රැකියා සදහා යොමු කිරීම හා ඊට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුව සකස් කළ පුහුණු වැඩසටහන සමාලෝචනය කිරීම මෙහිදි සිදුවුණා. මෙරට ජාතික වෘත්තිය සුදුසුකම් වෙනත් රටවල් සමග සමපාත වීම පිළිබද අධ්‍යයන…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබා දුන්නා. විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් එම මුදල් ලබා දීම සිදු කෙරුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතිහාසය පුරා මහා භාණ්ඩගාරය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන තුන්දහස් තුන්සිය අසූ දෙකක්. මේ අනුව රුපියල් බිලියන තුනක් වැනි විශාල මුදලක් මෙලෙස එකවර ලබා දුන් පළමු අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක් ලබාදීම ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් වාර්තා වනවා. දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස ඒ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පැමිණිල්ලක් සිදු කරන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 05 වනදා සිට සිදු කෙරුණා. මේ අතර ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තරගවදින ස්වාධීන කණ්ඩායම්වල නායකයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද කැඳවා තිබුණා. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම දිනවල දේශපාලන වේදිකාවද උණුසුම් වී තිබෙනවා. මේ…
විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිය`ඵ පාර්ශවයන් සාමුහික එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ බිත්තර මිල සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදියි. එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා. බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් අතරයි එම සාකච්ඡාව පැවැත්වුණේ. කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි එම සාකච්ඡාවේදී ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ.
පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති බවයි. ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වන විට ඇණවුම් භාර දී ගිවිසුම් අත්සන් කර ඇති බව ද අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.
2022 වසරේ අයි.සී.සී පන්දුවාර 20 කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා. පසුගිය වසරේ දී ජාත්‍යන්තර 20යි 20 පිටියේ ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්වයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. අදාළ කණ්ඩායමේ අංක 9 ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නම් කර තිබෙනවා. එමෙන්ම කණ්ඩායමේ නායකයා ලෙස වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් නම් කර තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. 2022 වසරේ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රිකට් කවුන්සිලය මඟින්…
නයිජීරියාවෙන් ලාසා වෛරසය ආසාදනය වූවන් 105දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ජනවාරි මස 2වන දා සහ 15වනදා අතරතුර කාලය තුළ නයිජීරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්ත වී තිබෙනවා. මෙම වෛරසය මීයන් හරහා ව්‍යාප්ත වන බවටයි හෙළි වී ඇත්තේ. උණ, හිසරදය, උගුරේ වේදනවා, කැස්ස, පාචනය ලාසා රෝගයෙහි ලක්ෂණ බව වෛද්‍යවරුන් පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222