- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 4 ක් පැනයයි
- ඇමති විජිත හේරත් අද ජිනීවා සැසිවාරය අමතයි
- මාස 06ක් තුල සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට ගැනේ
- දැඩි නියගයෙන් රත්නපුරට සහ කළුතරට පානීය ජල අර්බුදයක
- දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අක්‍රමිකතා ගැන හර්ෂණ සූරියප්පෙරුමගෙන් ප්‍රකාශයක්
- යූ එස් ඒඩ් ආධාර නවතා දැමීමෙන් ජනතාව පීඩාවට
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද
Author: VNews
රටේ ජනතාවට එක් වේලක්වත් නිසි පරිදි සොයා ගැනීමට නොහැකි මොහොතක බිලියන ගණනින් වියදම් කර උත්සවශ්‍රීයෙන් නිදහස සැමරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම අදහස් දැක්වීම සිදු කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඉදිරියේදී එළඹීමට නියමිත මැතිවරණය නොපැවැත්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ද කියා සිටියේ මැතිවරණ ක්‍රියාදාමයට විශාල විරෝධයක් දක්වමින් පවතින බවට පෙනී යන බවයි. රජය විසින් සෘජු හා වක්‍ර ලෙස විවිධ අයුරින් කුමන්ත්‍රණය කරමින් මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. එමෙන්ම මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රකාශිත වී, නාම යෝජනා ද ඉදිරිපත් වී ඇති පසුබිමක් තුළද මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බවටයි පැෆරල් සංවිධානයේ…
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන අපනයන ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබෙනවා. එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබා දෙන බවටයි අදාල ලිපියෙන් දැනුම් දී ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතු`ඵ පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා. එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගිතා කොමිසම, නීතිපතිවරයා ඇතු`ඵ පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ මෙම කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවයි.…
හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාර පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 11 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා. ඉන් හත් දෙනෙකු අද පෙරවරුවේදී දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම පාසල් සිසුන් පිරිස පාසලේ පැවති උපකාරක පන්තිය නිම වී නිවෙස්වලට යාම සඳහා ලොරි රථයකට ගොඩ වී ඇති අතර වංගු ප්‍රදේශයකදී මොවුන් ලොරි රථයෙන් විසි වී වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනකින් සිසුන් දෙදෙනෙකු ඇතු`ඵ නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොන්ටේරි පාක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මිය ගොස් පැය 48ක් යන්නටත් මත්තෙන් මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මුන් බේ නගරයේ ගොවිපොළවල් දෙකක වන අතර ඉන් හත් දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්. අදාළ වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත් වී තිබෙනවා.
යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේදී අද පස්වරුවේ වාහන දෙකක් එකිනෙකට ගැටීමට සලස්වමින් සිදු කරන ලද ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පුද්ගල කණ්ඩායම් දෙකක් අතර වූ ගැටුමක් දුරදිග යාමෙන් එක් කණ්ඩායමක් ගමන් ගත් කැබ් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙකට ගැටීමට සලස්වා ඇති අතර ඉන් අනතුරුව දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. යාපනය චුන්නාක්කම් පොලිසිය කියා සිටියේ වාහන දෙකක් අනතුරට ලක් වීමෙන් පසුව දෙපිරිසක් එකිනෙකාට පහර දී ඇති අතර පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි. තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරෙන් වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇති බව සඳහන්.…
පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම, දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි. මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණක් බවට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබුණේ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ අද පැවති සාකච්ඡාවේ දී යි. මේ අතර අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින් හට වැඩිපුර ඉන්ධන ලබා දීමට හැකියාවක් නොමැති බවයි.
චීනය යළිත් කොවිඩ් දත්ත සඟවන බවට වාර්තා වනවා. ඇතැම් රෝහල්වල කොරෝනා ආසාදිතව මිය යන රෝගීන් වෙනුවෙන් නිකුත් කරන මරණ සහතිකයේ කොරෝනා ආසාදිත බවට සඳහන් නොකරන ලෙසත් උපදෙස් ඇතුලත් ලිපි ලැබී ඇති බව ද සඳහන්. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සැඟවීම සඳහා එරට උත්සාහ දරණ බවත් විදෙස් මාධ්‍ය පවසන්නේ.
උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස වාර්තා පවසන්නේ. ඊයේ පස්වරු 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. මේ අතර පසුගිය කාලය තුළ ඇමෙරිකාවේ ප්‍රදේශ රැසක සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම් වලින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222