- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: VNews
පාසල් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදි අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීම පිළිබඳ සොයා බැලීමට හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. මේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කෙසේ වෙතත් පසුගියදා නානුඔය ප්‍රදේශයේ දී පාසල් සිසුන් රැගත් බස් රථයක් , ත්‍රී රෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් සිදු වූ මාරක අනතුර ද මෙම තීරණය ගැනීමට හේතු වූ බව සඳහන්.
නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබෙනවා. අගමැති තනතුර සඳහා ඔහු ඉදිරිපත් වූයේ අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් අනතුරුවයි. එමෙන්ම 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම ගැසට් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය 20 වනදා ඉල්ලා අස්වී තිබුනේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමටයි. ඒ අනුව පරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන්. පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ෆවුසි මහතාට හිමි වූ මනාප ගණන 48,701 ක් .
රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම් වනවා. යෝජිත යුද අභ්‍යාසය බටහිර රටවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ එය මිත්‍රයින් අතර පවත්නා ගනුදෙනුවක් බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු අප්‍රිකා සහ රුසියා විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වුණා. කෙසේ වෙතත් රුසියාවට පක්ෂපාත රටක් ලෙසයි දකුණු අප්‍රිකාව සැලකෙන්නේ. මේ අතර ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා ද හෙට දිනයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු 06 දෙනකුට ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් සුමිත් හේමන්ත, සුළු සේවක මංජුල නෙලුම්දෙනිය, සෞඛ්‍ය කාර්යය සහායකවරුන් වන සුසන්ත පුෂ්පකුමාර, ප්‍රියන්ත සහ සොයිසා යන පුද්ගලයින්ට බවයි සඳහන් වන්නේ. මේ අතර රජයේ රෝහල්වල ඇතැම් කනිෂ්ට සේවකයින් රාජකාරී වේලාව තුළ ගංජා…
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ පිළිබද දැනුම් දී ඇති බව සඳහන්. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබෙිවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබෙනවා.
වයස අවුරුදු 19 න් පහල කාන්තා ලෝකා කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එක් ලකුනක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා . තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි . ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 134 ක් . එහිදී කයිලා රෙයිනිකා ලකුණු 43 ක් ලබා ගත්තා . පන්දු යැවීමේදී විදුෂිකා පෙරේරා කඩුළු 3 ක් දවා ගත අතර දෙව්මි විහන්ගා ලබා ගත කඩුළු සංඛාව 2 ක් . ලකුණු 135 ක ඉලක්කයක් හඹා යාම…
රාජ්‍ය සේවකයින්ගේ සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් එකම දිනකදී ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ අනුව අද සියලු දෙනාට ස්ථීර වශයෙන්ම වැටුප් ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා. මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකදී මේ බව තහවුරු වුණා. මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳද සාකච්ඡාවක් එලෙස මැතිවරණ…
ඉදිරි මාස හය තුළ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා පවසනවා. ඉන්දියාව මේ වන විටත් ඒ සඳහා සහය ලබා දීමට පොරොන්දුවීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල යහපත් ප්‍රගතියක් ලබා ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ. මේ අතර චීනයේ අපනයන – ආනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇතැයිද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 02 යි දශම 09…
බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා . එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාන ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 35 දෙනෙකු නම් කර ඇති බවද සදහන් .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222