- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: VNews
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කීපයක් එකවර ඇණහිටීමෙන් ලොව පුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ටීම් සහ අවුට්ලුක් යන සේවාවන් එහිදි බිඳ වැටී ඇති බව සඳහන්. මේ හේතුවෙන් අපහසුතාවයට පත් වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම මෙතෙක් හෙළි කර නොමැති අතර ඉන්දියාවේ මෙලෙස බිඳ වැටීම් සිදුව ඇති ගණන 3900ක් බව සඳහන්. එමෙන්ම ජපානයේ ද සේවා බිඳ වැටුම් 900ක් වාර්තා වී තිබෙනවා. ඕස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද මයික්‍රොසොෆ්ට් බිඳ වැටීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා . ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා. මේ එම නඩු කටයුත්තෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වීමට නියමිතයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ද මේ සඳහා ආරාධනා කර තිබෙනවා. තවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතු`ඵ පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය`ඵම පක්ෂ නායකයන්ට ඊට ආරාධනා කර ඇති බව සඳහන්. ජනාධිපතිවරයා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව පසුගිය දා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ…
මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එලෙස සිදු කිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයා ගැනීම රජයට අභියෝගයක් නොවන බවයි. වැටුප් ගෙවන්නා හා වැටුප් ලබන්නා යන දෙදෙනාම ණය උගුලේ සිරවීම ඉන් වැළකී යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විනිමය අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහා බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එමෙන්ම, මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මැතිවරණයක් යනු මහ බැංකු ක්‍රියා පටිපාටියෙන් පිටත පවතින දෙයක් හේතුවෙන් ඒ පිළිබඳව තමන්ට අදාළත්වයක් නොමැති බවයි මහ බැංකු…
උසස් පෙළ විභාග කාලසීමාවේදීත් සිදුවෙන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසම විසින් අදාළ නිලධාරීන් කැඳවා සිදු කළ පරීක්ෂණයෙන් පසු අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ අද සිදු කළ කැඳවීමෙන් පසු මතුවූ ගැටලු සම්බන්ධව කඩිනම් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බැවින් මෙම සාකච්ඡාව සිදුකරන බවයි . ඒ අනුව ඒ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ලංකා බැංකුවේ සභාපති සහ මහජන බැංකුවේ සභාපතිවරයාව කැඳවා තිබෙනවා .
දකුණු කොරියාව සහ ජපානය අතර මුහුදු සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී ඇතිබව වර්තවනවා. මේ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු අතුරුදන්වී ඇති බව සඳහන්. ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 13 දෙනෙකුගේ දිවි බේරා බෙන තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හොංකොං හි ලියාපදිංචි නෞකාවක් වන අතර මුහුදුබත් වන අවස්ථාවේදී එහි චීන ජාතිකයින් 14 දෙනෙකු සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙකු ඇතුඵ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 නෙකු එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සතොස ආයතනය මඟින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහත දමා තිබෙනවා. වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1700 ක්. සුදු කැකුළු කිලෝවක් ද රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 169 ක් වන අතර, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 8 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 179 ක්. එමෙන්ම සුදු නාඩු කිලෝවක් ද රුපියල් 5 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 184 ක් බවයි සතොස ආයතනය ප්‍රකාශ කළේ. කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 4 කින් සහ…
මෙරටට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ”ඒ” කණ්ඩායමේ තරඟ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කැඳවා තිබෙනවා . එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය සඳහා සූදානම් වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව ”ඒ ” කණ්ඩායමට කැඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ . ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අන්ජුල, අවිශ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ව මෙලෙස අදාළ සංචිතය සදහා නම් කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු විසින් සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා ගිනි අවිය අනාරක්ෂිතව තම ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා ඇති අතර සුනඛයා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් එය ක්‍රියාත්මක වී තිබෙන බව සඳහන්. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටන් නගරයේ වෙළඳ සැලක තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වෙඩි තැබීම සිදු කළ සැකකරු ද මියගොස් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ ස්ථාන රැසකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222