Author: VNews

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය විසින්, බිත්තරයේ අඩංගු ගුණාත්මක භාවය සැලකිල්ලට ගෙන බිත්තර සඳහා නව මිල සූත්‍රයක් සකස් කිරීම කෝප් කමිටුවේදී විවේචනයට ලක් වුණා. මින් පෙර බිත්තරයක මිල තීරණය කිරීමේදී ගුණාත්මක භාවය පදනම් කර ගෙන තිබුණේ නැහැ. සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, සැලසුම් හා ආර්ථික අධ්‍යක්ෂ පාලිකා ප්‍රනාන්දු මහත්මිය එහිදී අදහස් දක්වමින් කියා සිටියේ පෝෂණවේදියකුගේ උපදෙස් මත මෙම මිල ගණනය කිරීම් සිදු කළ බවයි. මේ පිළිබඳ අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජික නිමල් ලන්සා මහතා, මේ පිළිබඳ අදහස් දැක්වු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල්…

තව කියවන්​න

දරුවන්ගේ අනාගතය සමඟ ක්‍රීඩා නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ මහතා සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ප්‍රකාශ කළද දිගින් දිගටම විදුලි කප්පාදු කිරීම් සිදුවන බවයි. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද උසස් පෙළ සමයේ සිදු වන විදුලි කප්පාදුව පිළිබඳ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා. එහිදි ඇය කියා සිටියේ හෙට දිනයේදී මානව හිමිකම් කඩවීම පිළිබඳ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් විදුලි කප්පාදුව අත්හිටුවීමට තම මණ්ඩලය එකඟ වී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද ප්‍රකාශ කළා. උසස් පෙළ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බලන බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන්මරී ටේ‍රවෙලියන් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඒ සඳහා එක්සත් රාජධානිය සුදානමින් සිටින බවයි එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන්මරී ටේ‍රවෙලියන් මහත්මිය පසුගියදා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ. ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය…

තව කියවන්​න

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසු වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. 2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ පැවති මූලික සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබද හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි…

තව කියවන්​න

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට සහභාගි වීමට අවසර හිමිව තිබෙනවා. තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව සැමට ලබාදීමේ මානුෂීය හේතූන් සලකා බලමින් අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. 2024 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් හිදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරග සඳහා සහභාගිවීමට නව දොරටු විවර කිරීමක් බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. පසුගිය වසරේ මාර්තු මාසයේ දී රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමගින් ලොව බොහෝ රටවල් රුසියාව විවේචනයට ලක් කරමින් ඔවුන්ට සිය රටවල දොරගුළු දැමුවා. එම නිසා රුසියාව නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරගාවලි ද අහෝසි වූ අතර පසුගිය පාපන්දු…

තව කියවන්​න

මානුෂීය මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගන් කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කළා. මේ දිනවල එරට සංචාරයේ නිරත ජගත් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවෙමිනුයි තලේබාන් සංවිධානය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ. ඇෆ්ගනිස්ථානයේ ගැහැණු දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති තහනම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් තලේබාන් සංවිධානයෙන් පසුගිය දා ඉල්ලීමක් ද කර තිබුණා.

තව කියවන්​න

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා මහතා පවසනවා . රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවයි . එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කර තිබෙනවා .

තව කියවන්​න

ඉන්දියාව අද සිය 74 වැනි ජනරජ දිනය සමරනු ලබනවා. එහි ප්‍රධාන උත්සවය සංවිධාන කර තිබුනේ නව දිල්ලි නුවර දී. රටේ ශ්‍රේෂ්ඨ නිදහස් සටන්කාමීන්ගේ සිහින සැබෑ කිරීමට රට වැසියන් සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසයි අගමැති නරේන්ද්‍ර මෝදි ජනරජ දිනය වෙනුවෙන් ඉල්ලා සිටියේ. ජනරජ දින පෙළපාලියට පෙර, අගමැති මෝදි ජාතික යුද ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වුවා. ඉන්දියාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු 1950 දී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වූ දිනය ජනරජ දිනය ලෙස සමරනු ලබනවා. ඉන්දියාව සිය හමුදා ශක්තිය සහ සංස්කෘතික උරුමය – වර්ණවත් පෙළපාලියකින් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙවර ජනරජ දිනය වෙනුවෙන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් සිසී ආරාධිතයා ලෙස සහභාගී වුනා.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද(26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් ඊට එක්ව සිටි බව සඳහන්. මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉවත්වීම සහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීතිය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

පෙබරවාරි මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද සිතාසි නිකුත් කළා. ඒ අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල – මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළ බව කියන සිද්ධියට අදාළව යි. කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියා.

තව කියවන්​න