Author: VNews

විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. 13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බව ද පෙන්වා දෙනවා. කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නොවන බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ජනාධිපති…

තව කියවන්​න

හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා. මෙම අබිරහස් වස්තුව පළමුව නිරීක්ෂණය වී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටයි. ඒ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළ ප්‍රදේශයේදී.

තව කියවන්​න

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බව එම සංස්ථාව පවසනවා. සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ බව දන්වා ඇත්තේ ලිපියක් යොමුකරමින්. පසුගිය 25 වනදා පැවති එම සාකච්ඡාවට තමන්ට සහභාගිවීමට නොහැකි වුයේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගිවීම හේතුවෙන් බවයි එමඟින් දක්වා ඇත්තේ. හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා ලිපියෙන් පෙන්වා දෙනවා. එබැවින් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය…

තව කියවන්​න

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව තිබෙනවා. එප්පාවල, ඇඳගල, මීහිඳුපුර පදිංචි ඩී.එම්. සස්විදු පූජාන දිසානායක සිසුවා තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේ, මෙවර ශිෂ්‍යත්ව විභාගයට මම මුහුණදීලා ලකුණු 195 ක් ලබා ගත්තා, මම එදිනෙදා පාසල් වැඩ කටයුතු එදිනෙදාම කළා,  ගොඩක් පාඩම් කලෙත් නෑ,.. සාමාන්‍යය විදිහට පාඩම් කලේ, ක්‍රිඩාත් කළා. විදුලිය කපපු වෙලාවල් වලට මම ටෝච් එකෙන් තමයි පාඩම් කලේ,  මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන්න, මට මගේ අම්මා,තාත්තා, ලොකු තාත්තා මට ගොඩක් උපකාර කළා, මට 1 වසරේ සිට 05…

තව කියවන්​න

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල හා රට පුරා පිහිටි සුවිශේෂී ඵෛතිහාසික බෞද්ධ සිද්ධාස්ථානයන්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙනුයි මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ. අදාළ ලිපියට අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ඨකාගාරය ලෙස වන අතර දිවයිනේ සෑම ස්ථානයකම පවතින වෙහෙර විහාරස්ථාන රැක ගැනීමට බෞද්ධයින්ගේ වගකීම වනු ඇති බවයි. දශක 3කට අධික කාලයක් පැවති බිහිසුණු යුධමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා දැඩි කැපවීමක් උතුරු හා නැගෙනහිර පළාත් තුළ භික්ෂූන් වහන්සේලා…

තව කියවන්​න

ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් හතලිස් එක්දහස් හයසිය හැට හතට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ගෙන්ම බදු පැනවීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් උපයන සියල්ලන් වෙත උපයන විට ගෙවන බද්ද මේ වන විට පනවා තිබෙනවා. බදු අඩු කරන ලෙස ඉල්ලා ඉහළ ආදායමක් ලබන රාජ්‍ය සේවකයන් අතර දැඩි විරෝධයක් ද ඇති ව තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ වියතුන් ක`ඵ පටි බැඳ ක`ඵ ඇඳුමෙන් සැරසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මෙන්ම සේවා ස්ථානවල විරෝධය පල…

තව කියවන්​න

හිටපු FBI නිලධාරියෙකු වන චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ FBI නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසිනි. හිටපු FBI නිලධාරියා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක් අවසන් කර නැවත අමෙරිකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමෙරිකාවෙන් සම්බාධක පනවා ඇති රුසියානු බිලියනපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමග සබඳතා පවත්වමින් සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 21 වනදා ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිනි චාල්ස් මැක්ගොනිගල් මෙලෙස FBI නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර යළි අමෙරිකාවට යමින් සිටියදීයි. මැන්හැටන් අධිකරණයේදී ඔහුට චෝදනා හතරක් ගොනුකර තිබූ අතර පසුගිය 23 වනදා සිදු කරන…

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයට අදාළව නඩුව විභාගවන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කිරීමෙන් පසු ඔහු විත්තිකූඩුවට නැග තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දියි. එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටි අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමුකර ඊට විරෝධය පළකළා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ සිය සේවා දායකයා…

තව කියවන්​න

කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර හතරක තරඟ තහනම වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට පැනවූ තරඟ තහනමට අදාළව සිදු කළ අභියාචනා පරීක්ෂණයේ තීන්දුවට අනුවයි. ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට වරදකරු වීම හේතුවෙන් මෙලෙස තරඟ තහනමක් පැනවීමට පියවර ගත් අතර, එය අභියාචන තීන්දුවට අනුව 2021 වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිට 2027 වසරේ ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

තව කියවන්​න

රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාර වලින් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාව සහ ජර්මනිය, යුක්‍රේනය වෙත යුද ටැංකි ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් රුසියාව විසින් දියත් කරන ලද මිසයිල ප්‍රහාර 55 න් 47 ක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා .

තව කියවන්​න