Author: VNews

අප්‍රිකානු චීටා සත්වයින් ඉන්දියාවට හඳුන්වා දීමේ ගිවිසුමකට දකුණු අප්‍රිකාව අත්සන් කර තිබෙනවා. චීටාවන් 12 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ලබන මාසයේදී යැවීමට නියමිත බවයි දකුණු අප්‍රිකානු පරිසර දෙපාර්තමේන්තුව පවසන්නේ. ආරක්ෂිත චීටා ගහනයක් ඇති කිරීමට උපකාර කිරීම සඳහා ඉදිරි වසර අටේ සිට 10 දක්වා වාර්ෂිකව සමාන සතුන් සංඛ්‍යාවක් ඉන්දියාවට යැවෙනු ඇති. 1940 ගණන්වල අගභාගයේදී ආසියාතික චීටාවන් ඉන්දියාවෙන් වඳ වී ගියේ අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන්. 2020 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මක පදනමක් මත ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානයකට රට තුළට ගෙන ආ හැකි බවට තීන්දුවක් ලබා දුන්නා.

තව කියවන්​න

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් එකඟතාවය පළ කර තිබෙනවා. අදාල සමාගමේ නියෝජිතයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මේ සඳහා එකඟතාවය පළ කර ඇති බව සඳහන්. ව්‍යපෘතිය ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිතයි. ව්‍යාපෘතියට වැයවන මුළු මුදල ඩොලර් මිලියන 3 ක් වන අතර එය අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තාවන්නේ. පෙබරවාරි මස මුල් සතිය වන විට මීට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඉන් පසුව ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඩොලර් 88 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ මාසයක කාලය තුල වාර්තා වූ ඉහළ ම අගය මෙයයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 88යි ශත 20ක් ලෙසින්. ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 82 ඉක්මවා තිබෙනවා. ඉහළම තෙල් ආනයනකරු ලෙස චීනය සිය ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ඉල්ලුම ශක්තිමත්ව තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විචාරකයන් පවසන්නේ.

තව කියවන්​න

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයටද නව ලේකම්වරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ආර්.එම් ඩබ්ලිව්. සමරදිවාකර මහතාගේ පත් කිරීමද පසුගිය 20 වන දින සිට බලත්මකයි.

තව කියවන්​න

නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර එම පිරිස ඊශ්‍රායල ජාතිකයන්. ප්‍රහාරකයා පලස්තීන ජාතිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. බැතිමතුන් යාඥාව සඳහා රැස්ව සිටි අතරතුරයි වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුනේ. තුවක්කුකරු පැමිණි බවට සැකකෙරෙන සුදු පැහැති මෝටර් රථයක් සොයා ගෙන ඇති අතර පලස්තීන සටන්කාමී කණ්ඩායම් මෙම ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේදී සැමරුම් උත්සව පවත්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රහාරය සිදුවූ ස්ථානයට පැමිණ එහි කටයුතු පිලිබඳ සොයා බලා ඇති අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවශ්‍ය සහන සේවා ලබා දෙන බව අගමැතිවරයාට ප්‍රකාශ කර…

තව කියවන්​න

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම – ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පැමිණිලි ලිඛිත ව ඉදිරිපත් කරන ලෙසයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දන්වා සිටින්නේ. එම පැමිණිලි 077 5 687 387 අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 අංකයට ෆැක්ස් මගින් යොමු කල හැකියි. එමෙන්ම  [email protected]  යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

තව කියවන්​න

BBC ලෝක සේවයේ අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු අවසන් කර තිබෙනවා. එහි පාලනාධිකාරිය පැවසුවේ පිරිවැය කපා හැරීමේ සහ ඩිජිටල් වැඩසටහන්කරණය කෙරෙහි අවධානය යොමු කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස එම තීරණයට එළඹී බවයි. බ්‍රිතාන්‍ය රජයේ සීමා කිරීම් හමුවේ BBC ලෝක සේවයේ සිය ගනනකගේ රැකියා කපා හැරීමට සිදුව ඇති බව ද එම සේවකයන් පෙන්වා දෙනවා. ඒ අනුව වසර 85ක් පවත්වාගෙන ගිය අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු ඊයේ පස්වරුවේ අවසන් කෙරුනා. අරාබි භාෂා මධ්‍යස්ථානය 1938 ජනවාරි 3 වන දින ආරම්භ කර තිබුනේ ඊජිප්තුවේදී

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා එළඹෙන 06 දා මෙරටට පැමිණීමට නියමිතයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව බෑන් කී මූන් මහතා මෙරට සංචාරයේ නිරතවන බවයි. තිරසර සංවර්ධනය මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් එහිදී අත්සන් කෙරෙනු ඇති. බෑන් කී මූන් මහතා මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ලබනවා. බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසින්. මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා…

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට වයස අවුරුදු 19න් පහළ T -10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය සහ පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා. තරගාවලිය සදහා පළමු කාණ්ඩයේ පාසල් 32ක් සහභාගිවීමට නියමිතයි. පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලිය ජාතික මට්ටමේ ප්‍රමිතියකින් ක්‍රියාත්මක කෙරෙනු ඇති. අප්‍රේල් මස 10 වැනිදා සහ 11 වැනිදා එය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ. තරගාවලිය ක්‍රීඩාංගණ 4කදී පැවැත්වෙනවා.

තව කියවන්​න

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ධාරානිපාත වර්ෂාව හේතුවෙන්. පැය 15 ක් පමණ ඇදහැළුණු වර්ෂාපතනයෙන් ඕක්ලන්ඞ් කලාපයේ නිවාස බොහොමයකට හානි සිදුව ඇති අතර ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා. විදුලිය සපයුමටද බාධා පැමිණ ඇත බවයි නගර බලධාරීන් පවසන්නේ. ඕක්ලන්ඞ් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙන්ම දුම්රිය සහ පාරු සේවා ප්‍රමාද කිරීමට හා අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉදිරි දින පහ ඕක්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව අනතුරුදායක තත්වයක් පවතිනු ඇති බවටයි කාලගුණ අංශ පුරෝකතනය කර ඇත්තේ.

තව කියවන්​න