- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: VNews
විදුලිබල අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා . එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවයි. අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. මේ අතර විදුලි ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන්ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සබාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම විදුලි කප්පාදු කළමනාකරණ වැඩසටහනට තමන් අනුමැතිය ලබා නොදුන් බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි…
නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද පස්වරුවේ සිදුකෙරුණා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල පැවති එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් රැසක් සහභාගි වුනා. එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද ඒ සඳහා එක්ව සිටියා. සන්නස් පත්‍රය භාර ගැනීමෙන් පසු අදහස් දැක්වූ අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ICC තරග තීරක ලෙස වැනේසා ද සිල්වා මහත්මිය කටයුතු කිරීමට නියමිත බව වාර්තවනවා. ICC අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. හිටපු බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නියමූර් රෂීඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඔයින් චිරොම්බේ ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වැනේසා ද සිල්වා මහත්මිය මෙම තරඟාවලිය සඳහා ප්‍රකාශයට පත් කර තිබුණා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා කළ වැනේසා මහත්මිය දකුණත් පිතිකාරිනියක් ලෙස ජාත්‍යන්තර තරඟ 14 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ පළමු…
ගලපිටමඩ. දුනුමාල ප්‍රදේශයේදී සිය බෑණාගෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ දුනුමාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුවීමෙන් පසු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන දුනුමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට පත්වූ පුද්ගලයාගේ දියණියගේ සැමියා බීමත්ව නිවසට පැමිණ මරණකරු සමග ඇති කර ගත් පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීම…
ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සදහන් . අනෙක් යානයේ සිටි නියමුවා පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සුකෝයි 30 සහ මිරාජ් 2000 වර්ගයට අයත් ජෙට් යානා දෙකක් එලෙස එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබේනවා .
දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා. දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා දුම්රියක එන්ජිමක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව සදහන් . දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිම මාරු කිරීම සඳහා ගමන්ගත් මොහොතේදී පීලි පැනීම සිදුව තිබෙනවා.
ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාට පහර දෙන දර්ශන අද මාධ්‍යට නිකුත් වුණා. 29 හැවිරිදි ටයර් නිකොලොස් නැමැති තරුණයෙකු මාර්ග නීති උල්ලංඝණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීස් පහරදීමකට ලක්ව තිබෙනවා. පහරදීමෙන් පසු දින තුනක් අසාද්‍ය තත්ත්වයේ පසු වූ නිකොලොස් ජීවිතක්ෂයට පත්වුණා.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපිය භාරගෙන නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා. පසුගිය 25 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කල බවට මාධ්‍ය වාර්තා පල වුනා. කෙසේවෙතත් අයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව මෙවර ඉන්දියාවේදී පැවැත්වෙනවා. එහි සභාපතිත්වය මෙවර ඉන්දියාව විසින් හොබවනු ලබනවා. ඒ අනුව විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ලබන මැයි මස 04 සහ 05 යන දිනවල ගෝවා හිදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඉන්දියාව විසින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට විදේශ අමාත්‍යවරුන්ට ඒ සදහා සහභාගී වන ලෙස මේවනවිටත් ආරාධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස ආරාධනය කළ විදේශ අමාත්‍යවරුන් අතර පකිස්තාන සහ චීනයේ විදේශ අමාත්‍යවරයද වනවා. කෙසේවෙතත් ඒ සදහා විදේශ අමාත්‍යවරයා සහභාගී වන්නේ ද යන්න පකිස්තානය මෙතෙක් තහවුරු කර නැහැ.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා. මීට පෙර ද මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා. මේ වනවිට ඔහුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222