Author: VNews

ඊශ්‍රායලයේ ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පළ කරන බවයි. එමෙන්ම ප්‍රහාරය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ඉන්දියාව, ඊශ්‍රායලයට දැක්වූ සහයෝගය අගය කරන බවයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා පැවසුවේ. පසුගිය 27 වනදා ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරු ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

තව කියවන්​න

2022/23 මහ කන්නයේදී කාබනික පොහොර මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 16000ක් වෙන් ක ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවද කාබනිකපොහොර මිලදී ගැනීම සඳහා තමන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහයෝගය පළ කළ බවයි. එසේම මහ කන්නය සාර්ථක කර ගැනීම පිණිස ගොවි ජනතාවට ලබාදිය  හැකි උපරිම සහයෝගය රජයක් වශයෙන් ලබාදී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවක් අතරතුරදීයි. මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල ක්‍රීඩා පිටියේදී . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා

තව කියවන්​න

කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ, 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන්. එම පෙරහුරු පෙබරවාරි මස පළමු වනදා, දෙවනදා සහ තුන් වනදා යන දිනවල පැවැත්වෙනු ඇති. නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස හතර වනදා කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. අදාළ දිනවලදී අලුයම පහේ සිට මධ්‍යහ්න දොළහා දක්වා වූ කාලය තුළ මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනය නතර කරන බවයි බස්නාහිර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රෝෂාන් විජේසිංහ මහතා පැවසුවේ.

තව කියවන්​න

විදෙස් ජාතික කාන්තවක් සතුවති තිබූ රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනාකමක් ඇති ආභරණ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් කළුතර උතුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විසින් මිලදී ගන්නා ලද සුදු රත්තරන්, කහ රත්තරන් වළලු සහ කරාබු ඇතුලු ස්වර්ණාභරණ තොගයක් මෙලෙස සොරකම් කර ඇති බවයි. ඒවායේ වටිනාකම ස්ටාර්ලිං පවුම් 18,500ක් වන බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය කියා සිටියේ ශ්‍රී ලංකා මුදලින් එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ අසූ තුනකට අධික බවයි. ලින්ඩා බ්‍රව්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විසින් ඊයේ(28) රාත්‍රී පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ මුද්‍රණයට අදාළව සිදු කරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. අක්ෂර දෝෂ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු කටයුතු නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රණයට අදාළව සිදු කරනු ලබන කාර්යයන් මෙම දිනවල සිදු කරන බවද ඇය පෙන්වා දෙනවා. අනතුරුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත්…

තව කියවන්​න

මාලදිවයින් ඉදිරි මැතිවරණය සඳහා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී යළිත් පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකදී පක්ෂයේ සභාපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් පරදවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඊබ්‍රහිම් සොලී සමත් වූ බවයි වාර්තා වන්නේ. මාලදිවයින තුළ ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයෙකු නැවත මැතිවරණයට තරග කිරීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් ජය ලැබූ පළමු අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

අනුරාධපුරය මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුරය මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කර එය සංරක්ෂණය කිරීම සඳහා අදාල පනත ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති, අචාර්ය, අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීයි.

තව කියවන්​න

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලද ස්වල්ප වශයෙන් වැසි ඇති වන බව සඳහන්. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10 ක් පමණ ළමුන් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000 ක පමණ සංඛ්‍යාවක්වාර්තා වන බවයි. අදට යෙදී ඇති ලෝක ලාදුරු දිනය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ද විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කළා. ලාදුරු රෝගය වැළඳී බොහෝ කාලයක් යන තුරු දිස්වන්නේ සුදු පාට ලපයක් පමණක් බැවින් බොහෝ දෙනා එය රෝගයක් ලෙස නොසලකා කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දෙනවා.

තව කියවන්​න