- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
අඛණ්ඩ විරෝධතා මාලාවක් අද සිට මෙම මාසය අවසන් වන තෙක් පවත්වන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසනවා . එහි සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන විවිධ ගැටළු සදහා බොහෝ කලක සිට විසදුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තම පාර්ශවයට සිදු වූ බවයි . සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් පාලනය වෙනස් කල යුතු බවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙහිදී සදහන් කළා . කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පල කලේ . මිට අමතරව මෙම මාසය අවසන් වන විට එක් දින වැඩ වර්ජනයකට යොමු වීමට සහ සෞඛ්‍ය අමාතංශය වෙත දැවැන්ත පා ගමනකින් ගමන් කිරීමට…
පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 09 වන දා උදෑසන 07 සිට පස්වරු 04 දක්වා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන බවයි එමඟින් දැනුම් දී ඇත්තේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනතේ 38/01/ඇ උප වගන්තිය අනුවයි. එමෙන්ම මැතිවරණ දිස්ත්‍රික් 24ක තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා අපේක්ෂකයින් අසූ දහස් හත්සිය විසි දෙනෙකු තරඟ කරන බව මැතිවරණ කොමිසම පැවසුවා. එම අපේක්ෂකයින්…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා . එහි දැක්වෙන්නේ මෙම විභාගයේ අයදුම්පත්‍ර අද සිට පෙබරවාරි 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බවයි . අදාළ අයදුම් පත්‍ර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා . ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සදහා ලබා දී ඇති කාලය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවයි .
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ඉදිරිපත් කරන ලද කිසිම සාක්ෂියක් තහවුරු වී නොමැති බවත් මෙම සාක්ෂි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා පසුව නිර්මාණය කළ ඒවා බවටත් පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් තවත් නඩු කිහිපයක් පැවතීම හේතුවෙන් වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි අධිකරණය නියෝග කර ඇත්තේ. අද දින වසන්ත මුදලිගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බොහෝ පිරිසක් අධිකරණ පරිශ්‍රයේ රැස්ව සිටින අයුරුද අපට දකින්නට ලැබුණා.…
ඉදිරි ඡන්ද විමසීමේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික දුබලතාවකට පත් ඡන්දහිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයෙකු කැටුව යාහැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙනවා . එමෙන්ම කිසියම් කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා .
ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සිය`ඵ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙසයි. මේ ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා. මේ අතර විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව දැනට රාජ්‍ය සේවය තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදු කරන බවයි ඔහු පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී…
මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර නිදහස් කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව අද දින නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණියා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් හට විනයක් පැවතුණේ නම් මෙවැනි ගැට`ඵකාරි තත්වයක් තමන් හට ඇති නොවන බවයි. එමෙන්ම බොහෝ දෙනා පවසන පරිදි තමන් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන නොගිය බවටයි ඇය ප්‍රකාශ කළේ. එමෙන්ම තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වැඩිදුරටත් කියා සිටියේ තමන් සිදු කළේ හිතවතුන් සමඟ ගනුදෙනු කිරීමක් පමණක් බවයි.
සියළු රටවල සහයෝගයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බව අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ පැවති හමුවකදී අමෙරිකානු තානාපතිනිය මේ බව ප්‍රකාශ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා . එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය පවසා ඇත්තේ රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවයි . මේ අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර හා සිදු කර ඇති අපහසු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම…
ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමඟ මාතෘ භූමියේ නව යුගය ආරම්භ වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේ තවත් කථා කිහිපයක්.
මහජන උපයෝගිතා කොමිසම හා ආණ්ඩුව අතර පවතින කඹ ඇදිල්ලක ප්‍රතිඵලයක් ලෙස උසස් පෙළ දරුවන් පීඩාවට පත් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා. 1969 අංක 19 දරණ පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට බැඳී සිටින අතර යම් ආකාරයකින් පාරිභෝගිකයින් වෙත විදුලිය සැපයීමට නොහැකි නම් ඒ සඳහා විදුලිබල මණ්ඩලය පුද්ගලයෙකු ලෙස සලකා නඩු පැවරිය හැකි බවද රංජන් ජයලාල් මහතා කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222