Author: VNews
නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි. ලබන 4 වැනිදා පැවැත්වෙන 75 වන නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ද ඇය එක්වීමට නියමිත බව සදහන්. ඇයගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමු වනු ඇති. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. දෙදින සංචාරයක් සඳහා වික්ටෝරියා නූලන්ඩ් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියා.
පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 200ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. දිස්ත්‍රික් දොළහක් සදහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති බව ද මුද්‍රණාලාධිපතිනිය සදහන් කළා. ඇය වැඩිදුරටත් පැවසුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුලු මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. පසුගියදා මාධ්‍යවේදීයෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.
C 20 22 E 3 නමැති වල්ගා තරුව මේදිනවල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. එමගින් පෘථිවියට කිසිදු අනිසි බලපෑමක් නොමැති බවයි එම ආයතනය පවසන්නේ. එය මෙලෙස පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන්නේ වසර 50,000 කට පසුව වීම මෙහි විශේෂත්වයයි. එම වල්ගා තරුව අද දිනයේදීද පෘථිවිවාසීන්ට හොදින් නිරීක්ෂණය වන බවයි නාසා ආයතනය සදහන් කලේ. නාසා ආයතනයට අනුව එම වල්ගා තරුව පෘථිවියට කිලෝමීටර් මිලියන 42 ක පමණ දුරකින් ගමන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීට පෙර වල්ගා තරුව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබුණේ මීට වසර 50,000 කට පෙර නියඩ්‍රතාල්වරුන් ජීවත් වූ අවදියේදී බවයි නාසා ආයතනය පවසන්නේ.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යනු ඇති. නමුත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මෙම මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල වැඩි කර තිබෙනවා.
ලෝක පිළිකා දිනය පෙබරවාරි 04 වනදාට යෙදී තිබෙනවා. ඒ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැත්වුනා. සත්කාරයේ හිඩැස පුරවමු යන තේමාව යටතේ මෙවර පිලිකා දිනය සැමරෙනවා. එහිදී අදහස් දැක්වූ ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නේ 2020 වසරේ දත්ත වාර්තා අනුව නව පිළිකා රෝගීන් 38229 ක් හඳුනා ගෙන ඇති බවයි. දිනකට පිලික රෝගීන් 105 දෙනෙකු පමණ හඳුනා ගන්නා බවද ඇය කියා සිටියා. එහිදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කලේ පිලිකා රෝගය සඳහා අවශ්‍ය අඔෂද වල හි්ගයක් පවතින බවයි. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික පිලිකා මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ඇතුලු සැකකරුවන් 14 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. සිද්ධියට අදාළ නඩුව අද(01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා. සැකකරුවන් 14 දෙනා රුපියල් 15000ක් බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සෑම මසකම පළමු…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහිකිරීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා . එමෙන්ම උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙසත් අමාත්‍යවරයා උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ”ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන ශූරයෝ -2021” තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්.
අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. ඇල්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ 70 ත් 80 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බව සඳහන්.
සතොස ආයතනය මගින් තම පාරිභෝගික ජනතාවට සහන සලසා දීමේ අරමුණ පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතරක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ වන්නේ වියළි මිරිස්, ලොකු ලූනු, රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩයි. ඒ අනුව රුපියල් 1700ක්ව තිබූ වියළි මිරිස් කිලෝවක් රුපියල් 25කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1675ක්. ලොකු ලූණු කිලෝවක නව මිල ලෙස රුපියල් 165ක් දැක්වෙන අතර අඩු කර ඇති මුදල රුපියල් පහළොවක්. දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් දහයකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 169ක්. රුපියල් 235ක්ව පැවැති පාන් පිටි කිලෝවෙන් රුපියල් පහක් අඩු කිරීමත් සමගින් පාන් පිටි…
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. තමාගේ වැටුපෙන්ද සැලකිය යුතු මුදලක් රජයේ බදු ප්‍රතිපත්තියට අනුව කපා හැර ඇති බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් අධිකරණය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අනිකුත් බුද්ධිමතුන් පවසන පරිදි තමන්ට රට හැර දා යාමට කිසි විටෙකත් සිතා නොමැති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222