Author: VNews

ඉහළ වැටුප් ඉල්ලා එංගලන්තයේ සහ වේල්සයේ ගුරු වෘත්තිකයින් ලක්ෂ තුනක් පමණ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ වර්ජනය එය බවයි විදෙස්  මාධ්‍ය වාර්තාකලේ. ඊට සහාය දක්වමින් එරට සිවිල් සේවකයින්, දුම්රිය හා බස් රථ රියදුරන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයේ නිරත වූ බව සඳහන්. ඊට රජයේ ආයතන 120ක සිවිල් සේවකයින් ලක්ෂයට වැඩි පිරිසක් සහ විශ්වවිද්‍යාල 150ක ආචාර්යවරුන් විශාල සංඛ්‍යාවක් ද අයත්.

තව කියවන්​න

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා . ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී . එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කියා සිටියේ, එම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබාගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි. එබැවින් එම පෙත්සම හෙට දින කැඳවන ලෙසත් එම නීතිඥවරු ඉල්ලා සිටියා . මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහි දී පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් සමරුව පිළිබඳව ද මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කර ඇති බව සදහන්.

තව කියවන්​න

වයඹ දිග පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ ජලාශයක් නැරඹීමට ගිය පාසල් ළමුන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් 51 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිසෙන් 49 දෙනෙකු ළමයින් වන අතර ඉතිරි දෙදෙනා බෝට්ටු පැදවූ පුද්ගලයා සහ ගුරුවරයෙකු බවයි. ළමයින් සියලුදෙනා අවුරුදු 7ත් 14ත් අතර වයස්වල පසුවනවා. බෝට්ටුවේ ගමන් කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් පිරිසක් එහි සිටීම හේතුවෙන් මෙය පෙරලී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 18ක් සුබසාධක වැඩසටහන සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින් කලාපය සම්බන්ධ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණු බවයි වාර්තා වන්නේ. සමෘද්ධි ඇතුළු සුබසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් පවත්වා ගනිමින්, එවැනි සුබසාධන දීමනා ලැබිය යුතු ම පිරිස තෝරා ගැනීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කරගැනීමේ අවශ්‍යතාවය ද මෙහි දී අවධාරණයට ලක් වුණු බව සඳහන්. එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, ඒ අනුව සමාජ ආරක්ෂණ පද්ධතියේ කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් සහන ලැබිය යුතුම පාර්ශ්වයන් සඳහා සහයෝගය ලබා දීමටත් යුරෝපා සංගමය කටයුතු…

තව කියවන්​න

බිත්තර මිල ඉහළ යාම හමුවේ ජනතාව දැඩි අර්බුදයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවි ජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසනවා. රට, බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී තිබුණද පැවති ආර්ථික අර්බුදය හමුවේ එම කටයුතු අර්බුදකාරි තත්ත්වයක් කරා ගමන් කළ බවයි ඒ මහතා කියා සිටියේ. බොහෝ රටවල්වල පවතින කුරු`ඵ උණ වසංගතය හේතුවෙන් බිත්තර ආනයනයද අවධානම්කාරී බවයි නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පෙරවරුවේ පැවැත්වෙන්නේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා. එම සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නිදහස් දිනයේදී රට වෙනුවෙන් ජීවිත පූජා කළ සිය`ඵම රණවිරුවන් වෙනුවෙන් ආචාරය පුද කරන බවයි.

තව කියවන්​න

එළඹෙන 5 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.350ත් 400ත් අතර අගයකින් ඉහළ යන බව ලිට්රෝ සමාගම් ආරංචි මාර්ග පවසනවා. මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුධමය වාතාරවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමයි මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල්  400 ක් දක්වා ඉහළ යනු ඇති. නමුත් අනෙකුත් ඉන්ධන වර්ගවල…

තව කියවන්​න

අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . ඒ, ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු මෙහි දී අනාවරණ වීම හේතුවෙන්. අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මඟින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවයි…

තව කියවන්​න

75 වන නිදහස් උත්සවයේ පුහුණු වීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබ`ඵන් රැගත් බස් රථ 3ක්ම එකිනෙක ගැටීමෙන් නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා. තුවාල ලැබූ සෙබ`ඵන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්. ක`ඵතර කටුකුරුන්ද පොලිස් විශේෂ බලකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තව කියවන්​න