Author: VNews

තම පක්ෂයේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු පක්ෂය හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන සෑම දේම විශ්වාස නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ වසර 75ක් පුරාවට ශ්‍රී ලංකාව සංවර්ධනය වී නැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී මෙරටට විශාල වැඩ කොටසක් සිදුකළ බවයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍ර ලේඛය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව 2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හරින ලෙසටයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම මෙහි අරමුණ වී…

තව කියවන්​න

රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගලවා ගත හැකි නායකත්වය ජනතාව විසින් තෝරා ගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ ජනතාව තමන්ට එම නායකත්වය ලබා දෙන්නේ නම් එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවයි. නිරුත්තර රටකට උත්තරය යන මැයෙන් මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ දීයි. එහිදී සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. සම්ප්‍රදායිකව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාලවලින් අලෙවි කෙරෙන බවයි ජනාධිපති…

තව කියවන්​න

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස ඉඩම් අක්කර 108ක් නිදහස් කෙරෙනු ඇති. ඒ අනුව, එම ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් අතර බෙදාදීම නිදහස් දිනයට සමඟාමීව හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

තව කියවන්​න

ජනතාව කෙරෙහි සංවේදී නායකයින් පාර්ලිමේන්තුවේ සිටී නම් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජිව ධම්මික මහතා කියා සිටින්නේ අමාත්‍යවරයා ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කරන බවයි. එමෙන්ම මේ වන විට බොහෝ නිවෙස් සඳහා විදුලිබල මණ්ඩලය රතු බිල්පත් නිකුත් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එබැවින් වහාම පොලිසියට ගොස් විදුලිබල මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

එළඹෙන 10 වැනි දා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තමන් සුදානම් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මහත්මිය පවසනවා. එමෙන්ම තම කණ්ඩායමේ සාමාජිකාවන් පිළිබඳ තමන්ට විශ්වාසයක් පවතින බවයි ඇය සඳහන් කළේ. මේ අතර දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එලි දැක්වීම ඊයේ සිදු කෙරුණා. එමෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩිකා හසිනි පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවට සත්‍යා සන්දීපනී සංචිතයට කැඳවා ඇති අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්න ද…

තව කියවන්​න

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත් වුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ වෘත්තිකයන් මේ සඳහා සහභාගී වූ අතර ඔවුන්ගේ වැටුපෙන් අඩු කර ඇති බදු මුදල් අය කිරීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ සහ විරෝධතාව පළ කිරීමේ ව්‍යාපාරය පැවැත්වුණේ. මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාරය ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තිකයන්ගේ එකමුතුව සහ ගුවන් තොටුපළ හා ශ්‍රී ලන්කන් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබුණා. මෙයට ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානීවරයා, ප්‍රධාන ගුවන් ගමන් පාලකවරයා, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරුන්, ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්, ගුවන් සේවිකාවන්, ගුවන් යානා නඩත්තු සහ කාර්මික…

තව කියවන්​න

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කළද, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක් ගෙන ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. නමුත් ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ. මගියාගේ ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ කුලී රථ සේවාව වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඒ මහතා පවසන්නේ. පෙට්‍රල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමෙන් පසු පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවත්, ප්‍රවාහනය පහසු කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ භාවිතා කරන මගීන්ට එය සෘජුවම බලපාන බවත් ඔහු කියා සිටියා. මේ අතර වාත්තීය ත්‍රීරෝද රථ සංගමයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා කියා සිටියේ…

තව කියවන්​න