Author: VNews

ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබු ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය පිළිබඳ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බවයි. 45වන වියේ පසු වූ ඔනේෂ් සුබසිංහ මහතා ඔපෙක්ස් හෝල්ඩින් හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරුවා. මේ අතර මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය ආරවුලක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔහු රැගෙන ගොස් දරුණු ලෙස පහර දී ඇති බවටයි අනාවරණ වුයේ. ප්‍රහාරයට ලක්වූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් තිබුනා.

තව කියවන්​න

තලංගම පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහල මහලේ පිහිණුම් තටාකය තුල මිය ගොස් සිටි කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබුවා. 27 හැවිරිදි සැකකරු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බවයි පොලිස් මුලස්ථානය සඳහන් කලේ. 23න් හැවිරිදි සැකකාරිය කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනා. ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදින්චිකරුවන්. සැකකරුවන් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට මීට පෙර සැකකෙරුණත් පසුව අනාවරණ වී ඇත්තේ එම විදෙස්ගත වීමේ ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවයි. ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර මළ සිරුර ඊට දින දෙකකට පසු ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසක නාන තටාකයේ තිබියදී තලංගම පොලීසිය විසින් සොයා ගනු…

තව කියවන්​න

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක දී.

තව කියවන්​න

වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා. පක්ෂ පැවැති විශේෂ සාකච්ඡාවකදී සමගි ජන බලවේගය මෙම තීන්දුව ගෙන තිබෙන බව සදහන්. එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජසන කතාව සම්බන්ධ කිසිදු අවස්ථාවකට සහභාගී නොවී සිටීමේ තීන්දුවක්ද එම පක්ෂය විසින් ගෙන ඇති බව වාර්තා වනවා. මේ සමබන්ධයෙන් සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් පල කළා . මේ අතර රාජාසන කතාවේදී ඡන්දය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සුදානමක් පවතින බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා . එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී .…

තව කියවන්​න

අද දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි තත්වයන් අනුව විදුලි කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබිය හැකි බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ. ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදාහැරීම අඩුවීම සහ තාප විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

තව කියවන්​න

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට එය රැස්වීමට නියමිතයි. පසුගිය 30 වනදා සහ 25 වනදා ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවට ලක්වුණා. ඒ අනුව පුවත්පත් දැන්වීම් මගින් පෙබරවාරි මස 1 වනදා සිට 15 වනදා දක්වා එම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අයදුම්පත් කැඳවීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමානිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන යන කොමිෂන් සභා සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට හැකිවනවා.

තව කියවන්​න

සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය අද(06) ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ලාෆ්ස් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබෙනවා.අද පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 5080 ක් වනවා. මේ අතර ලිට්රෝ සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමුනා. ඒ අනූව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ නංවා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 4,743ක්. මේ අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 134කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනූව එහි නව මිල රුපියල් 1,904ක්. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 61කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 883ක්.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා අද දිවයිනට පැමිනීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවනවා . සියොල් හි පිහිටි ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපතිවරයා වන බෑන් කී මුන් මහතා මෙරට රැදි සිටින කාලය තුළ තිරසර සංවර්ධනය සහ දේශගුණික විපාර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි. ඔහු හෙට ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සුදානමින් සිටීනවා. ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විශ්ව විද්‍යාලය කෙරෙහිද ඔහුගේ අවධානය යොමුවනු ඇති .

තව කියවන්​න

ප්‍රවීන පසුබිම් ගායිකා වානි ජයරාම් මියගොස් තිබෙනවා. ඒ ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ඇයගේ නිවසේදී යි. ජයරාම් මියයන විට 78 වන වියේ පසුවූවා. දෙමළ, තෙළිඟු, හින්දි, භෝජ්පුරි, මරාති, බංගලි සහ ඔඩියා ඇතුළු භාෂා 19කින් වානි ජයරාම් ගායනා කළ ගීත ප්‍රමාණය 10,000 කට අධික බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. වානි ජයරාම් පසුගිය වසරේ ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම පසුබිම් ගායිකාවට හිමි ජාතික සම්මානයෙන් තුන් වරක් පිදුම් ලැබීමටද ඇය සමත් වූවා. ඒ තමිල්නාඩු, කේරළ, මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ ඔඩීෂා යන ප්‍රාන්ත සම්මානවලට අමතර‍ව යි.

තව කියවන්​න