Author: VNews

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වෙළඳ අමාත්‍යවරාය විසින් මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

එළඹීමට නියමිත මැතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වීම හේතුවෙන් කිසිවෙකු හෝ යම් කිසි ආකාරයකින් ඒ සඳහා බලපෑම් සිදු කරන්නේ නම් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හේතුවක් බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් අවධරණය කළේ. මේ මෙම දිනවල දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව පළ වන අදහස්. මේ අතර දැනටමත් මෙම මස 21, 22, 23 තැපැල් ඡන්ද ක්‍රියාත්මක බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

තව කියවන්​න

ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ අතර එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ රාජ්‍ය සේවකයින් බදු පැනවීමත් සමඟ පීඩාවට පත් වීම සම්බන්ධයෙන් ඇති විකල්පය කුමක්ද යන්නයි. මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා. මේ අතර මෙම වසරේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික තත්ත්වය යළිත් බැරෑරුම් ස්ථානයකට ගමන් කළ…

තව කියවන්​න

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට උදෑසන 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එළඹෙන 9 වන දා උදෑසන 8 දක්වා එය ක්‍රියාත්මක බවයි. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ වරාය, ජල ආදි දේශපාලන පාට පක්ෂ භේදයකින් තොරව හෙට දිනයේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවයි.

තව කියවන්​න

අරණායක – ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාලව දරුවන්ගේ මවගෙන් ඇතුළු 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. දෙපාර්ශවයේම ඥාතීන්ගෙන් සහ ප්‍රදේශවාසින්ගෙන්ද තොරතුරු සටහන් කරගෙන තිබෙනවා. පොලිසිය දැනට සැක පළ කරන්නේ කලක සිට පවතින පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි .

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුනා. එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චාල්ස් මහත්මියට අද දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

75 වන ජාතික නිදහස් රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් එක්කෝටි ,එකොලොස් ලක්ෂ ,තිස් දහස් එකොළහයි ශත 29 ක් බව ජනාධිපති කාර්යාලය පවසනවා. මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ . රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පනිවිඩයක් තැබීමක් බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළා. රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල්…

තව කියවන්​න

චීනයට එරෙහිව, සෙනට් මණ්ඩලයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා . අමෙරිකාවේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයින් පිරිසක් විසින් එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත එම ලිපියක් යොමු කර තිබෙන බව සදහන් . ඒ, චීනයේ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලමින්. චීනය තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව එහි දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ ලිපියේ දක්වා තිබෙන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය , මානව හිමිකම් පිළිබඳ බරපතල වැරදි සිදු කර ඇති බවයි. . චීනය මේවනවිටත් ඉන්දු පැසිෆික් කලාපයෙන් සහ ඉන් ඔබ්බට සිය ආක්‍රමණය දැඩි කර ඇති බව…

තව කියවන්​න

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද පෙරවරුවේ යොමු කර තිබෙන බව සදහන් . තමන් සභාපතිවරයා ලෙස මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියට ඇතුළත් කිරීමට ද වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

තව කියවන්​න

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසනවා. එහි තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවේ තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයා බලමින් සිටින බවද ඇය සඳහන් කළා. ආපදාවට ලක් වූ ප්‍රදේශයේ සිටි එක් කාන්තාවක් පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවද තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය පැවසුවා. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික එම කාන්තාවේ ජංගම දුරකථනය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ප්‍රදේශයේ සිටින 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී ඇති බවද ඇය ප්‍රකාශ කළා. මේ…

තව කියවන්​න