Author: VNews

නව බදු පනතට විරෝධය පළකරමින් හැටන් නගරය තුළ ද අද විරෝධතාවක් පැවැත්වුණා. හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක වෘත්තිකයින් පිරිසක් ඊට එක්ව සිටියා. අසාධාරණ ලෙස පනවා ඇති නව බදු පනත මගින් වෘත්තිකයින් සහ ජනතාව තවත් පීඩාවට පත්ව ඇති බවයි විරෝධාකරුවන් පෙන්වා දුන්නේ. හැටන් නගරයේ රාජ්‍ය බැංකු සේවකයින් සහ දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස විරෝධාවයේ නිරතව සිටියා. බදු මුදල් අය කළ ද රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ප්‍රමාණවත් පිරිදි රෝහල්වල නොමැති බවයි විරෝධතාකරුවන් සදහන් කළේ. විරෝධතාවට එක්ව සිටි දික්ඔය රෝහලේ වෛද්‍ය රොෂාන් සිරිවර්ධන මහතා මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

අමෙරිකාවේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමෙරිකාව විසින් පසුගියදා සැක කටයුතු චීන බැලුනයක් වෙඩි තබා බිම හෙලනු ලැබුවා. ඉන් අනතුරුව පෙන්ටගනයේ ප්‍රධානී ලියොයිඩ් ඔස්ටින්  සාකච්ඡාවක් සඳහා කළ ඉල්ලීම චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර, වෙඩි තබා බිම හෙලූ චීන බැලුනයේ සුන්බුන් යාත්‍රාවක් මගින් ඇදගෙන යන ඡායාරූප මේ වනවිට අමෙරිකානු හමුදාව විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. සැබවින්ම මෙම බැලුනය ඔත්තු බැලීමේ උපාංගයක් දැයි තහවුරු කර ගැනීම සඳහා අමෙරිකාව මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

තව කියවන්​න

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ තවත් පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයේ නිරත වීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වූ අතර ඊට පොලිසිය  බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනුනා. ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගයි.

තව කියවන්​න

දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල ඉලක්ක කරමින් චීන හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදේශීය රටවල ප්‍රධාන පෙළේ ආයතනවල පරිඝනක පද්ධතිය ඉලක්ක කරමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. චීනයේ හිතවත් රටවල් පවා මෙලෙස සයිබර් ප්‍රහාර සඳහා ඉලක්ක වන බව සඳහන්. එමෙන්ම දකුණු කොරියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන 12ක පරිගණක පද්ධති ඉලක්ක කර මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල වී තිබෙනවා. දකුණු කොරියාවේ අධ්‍යාපන ආයතන අතර ජේජු විශ්ව විද්‍යාලයේ මෙන්ම එරට ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය ද මෙලෙස චීනයේ හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙන බව සඳහන්.

තව කියවන්​න

කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වනවා. වෘත්තීය සමිති කීපයක් එක්ව ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. එබැවින් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මෙලෙස යුද හමුදාව කැඳවා ඇති බව සඳහන්. විරෝධතාව හේතුවෙන් මේ වන විට ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග කිහිපයක්ද වසා දමා තිබෙනවා.

තව කියවන්​න

රාජාසන කථාව සිදු කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගොස් තිබෙනවා. විරෝධතා සටන් පාඨ කියමින මන්ත්‍රීවරු මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන්. මේ අතර පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ රාජාසන කථාව සමස්ථ විපක්ෂයම වර්ජනය කළා. ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතු`ඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙලෙස රාජාසන කථාව වර්ජනය කරනු ලැබුවා. මේ අතර ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා අද දින සහභාගි වී සිටියේ නැහැ. ඊයේ…

තව කියවන්​න

බදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා. බදු බර අහෝසි කළහොත් රුපියල් බිලියන 163ක් රටට අහිමි වන බවත් ඔහු අවධාරණය කළා. තමා ජනප්‍රිය වීමට තීරණ නොගන්නා බවයි ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේ. මේ අතර දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා. එමෙන්ම රට අරාජික කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසුවේ. වැඩිදුරටත් අදහස් පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා

තව කියවන්​න

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට තවත් විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය පළ කරමින්. පසුගිය දා රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ රෝහල් සේවකයින් රාජකාරි අවස්ථාවන් හිදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි. මෙයට විරෝධය පළ කරමින් පසුගියදා ද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා. එමෙන්ම අද දිනයේ ද එම රෝහල් සේවකයින් විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විරෝධතාවක් පවත්වනු ලබනවා.

තව කියවන්​න

පිළිකා නාශක ඖෂධ වර්ග ඇතු`ඵව හිඟව පැවති ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම ඖෂධ තොගය මේ වන විට රේගු නිෂ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට නියමිත බවද එම අමාත්‍යාංශය පැවසුවා. එමෙන්ම මෙරට හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක්පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක

තව කියවන්​න

ගොවීන්ට සහන සැලසීම සඳහා ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ගොවීන් වැරදි ලෙස ගිණුම් අංක ලබා දීම හේතුවෙන් මෙම මුදල් ආපසු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 1කට රුපියල් 10 000 සහ හෙක්ටයාර් 2කට රුපියල් 20 000 වශයෙන් රුපියල් බිලියන 8ක්, ගොවි පවුල් ලක්ෂ 12ක් අතර බෙදා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

තව කියවන්​න