Author: VNews

ක්‍රීඩා පනතට නව සංශෝධන කිහිපයක් එක් කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අති විශේෂ ගැසට් නිවේදන හතරක් මගින් මෙම සංශෝධන සිදුකළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ. ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් ආරක්ෂා වන පරිදියි මෙම සංශෝධන එක්කර ඇත්තේ. නව රෙගුලාසිවලට පිරිසක් විරුද්ධ වුවද නව සංශෝධන කිසිවිටක වෙනස් නොකරන බව ද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළා. මධ්‍යම පළාත් ක්‍රීඩා සහ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ක්‍රීඩා පනතේ නව සංශෝධන අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධුරය අවුරුදු දෙකකට සීමා වනවා.

තව කියවන්​න

හෝමාගම වටරැක බන්ධනාගාර පාසල සඳහා පුනර්ජනනීය වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෝමාගම වටරැක පිහිටි බන්ධනාගාර වැඩ කඳවුර සහ බන්ධනාගාර තරුණ වරදකරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මහින්දෝදය විශේෂිත ආදර්ශ පාසලේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්. මෙම පාසල ස්ථාපිත කරනු ලැබුවේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 2014 වසරේදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදියි.

තව කියවන්​න

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා, රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මෙම පියවර ගනු ලැබූවේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාවයන් හේතුවෙන් බව සදහන් . එම බඳවා ගැනීමෙන් පසුව ඉතිරිවන හා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇති.

තව කියවන්​න

කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව සඳහන්. මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. නව බදුවලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කරනු ලැබුවා. මේ හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පෞද්ගලික රෝහල්වල ද පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්…

තව කියවන්​න

13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම යහපත් වුවද එයින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. ඒකිය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුව විසින් ඉෂ්ඨ කිරීමේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට එයින් දැඩි ලෙස හානි සිදු වන බවටයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම කෙසේ හෝ ෆෙඩරල් ක්‍රමය මෙරට තුළ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බවටයි මාධ්‍යට අදහස් දක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේ. මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතු`ඵ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේදී ඇප ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා…

තව කියවන්​න

පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපය තුල  ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත  බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු  සිදු කෙරෙමින් පවතින අතර  මේ වන විට කිසිඳු ගැටලුවක් මතු වී නැති බවයි . මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් ඒ මහතා කියා සිටියා. කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් කල ඉල්ලීමට  මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ. . ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව යි නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ.

තව කියවන්​න

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කර ඇත්තේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය  මුදා හරින ලෙසයි. මෙලෙස ඇප මත මුදා හැරියේ අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් යන කාන්තාවයි. නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාරිය මුදා හැරීමට උපදෙස් ලබාදී ඇති බවයි මෝසමක් ගොනුකරමින් ඇයගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුනේ. ඒ අනුව ඇය මුදා හරින ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තව කියවන්​න

නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ආරම්භ කළා. නව සභා වාරය උත්සවාකාරයෙන් අද දින ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ප්‍රතිඵලදායක ලෙස තමන් විසින් ජනතාව රැගෙන ගොස් ඇති බවයි. රට මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ සියලු දේශපාලන නායකයින්…

තව කියවන්​න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ  නීතිපතිවරයා  වීසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්. අදාළ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු මහත්වරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදුකලා.

තව කියවන්​න

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල  නව චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද  නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.

තව කියවන්​න