Author: VNews

තුර්කියට බලපෑ භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වී ඇතැයි ඉතාල භූ විද්‍යාඥ කාලේ ඩෙග්ලිනෝ පවසනවා. තුර්කියේ පිහිටීම මීටර 5කින් හෝ 6කින් වෙනස් වනු ඇති බවයි ඔහුගේ මතය වන්නේ. තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් දිවි ගලවා ගත් පිරිස් ජීවත් කරවීම මීළඟ අභියෝගය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. භූ කම්පනයෙන් දිවිගලවා ගත් බොහෝ පිරිසක් නවාතැන් ඇතු`ඵ පහසුකම් නොමැතිව දැඩි පීඩාවට ලක්ව සිටින බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. පසුගිය සඳුදා සිදු වූ මෙම ව්‍යසනයෙන් තුර්කිය සහ සිරියාවේ මිය ගිය ගණන 17 000 දක්වා වැඩි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු…

තව කියවන්​න

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ මෙම තරග දෙක පැවැත්වෙනු ඇති. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මාර්තු 09 වනදා ක්‍රයිස්චච්හිදී පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය මාර්තු 17 වනදා වෙලින්ටන් හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියකට ද ලබන මාසයේ එක්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

රටට අවශ්‍යව ඇත්තේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් බව සමගි ජන බලවේගය පවසනවා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්නවා වෙනුවට වත්මන් පාලකයින් තම බලය රඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි. වැලිමඩ ප්‍රදේශයේ පවතී ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.

තව කියවන්​න

09 වන පාර්ලිමේන්තුවේ හතරවන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය අද ආරම්භ වුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණේ පෙරවරු 09.30ටයි. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රීධුරය සදහායි ෆවුසි මහතා දිවුරුම් දෙනු ලැබුවේ. මේ අතර රටේ ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා කැදවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායකවරයා මෙම ආඥාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එමෙන්ම පනත් කෙටුම්පත් දෙකකට සිය අත්සන සහතික…

තව කියවන්​න

ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 වන කාන්තාවක් සහ ඇයගේ 30 හැවිරිදි දියණියයි. ඔවුන් පදිංචිව සිටි නිවසින් දින ගණනාවක් පිටතට නොපැමිණීම සහ එම නිවස දෙසින් දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසින් පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි ගිණිගත්හේන පොලිසිය විසින් ආදළ නිවස පරික්ෂාවට ලක්කර ඇත්තේ. එම නිවසේ නිදන කාමරයේ ඇද මත තිබී මළසිරුරු දෙක සොයාගෙන තිබුණා. මෙය සියදිවිහානිකර ගැනීමක් බවට පොලිසිය සැකපලකරනවා. ගිණිගත්හේන පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

තව කියවන්​න

ඊයේ දිනයේ සිදු කළ බදු සංශෝධනය බලාත්මක වන්නේ කිසියම් පිරිසකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ තමන් ඉල්ලා සිටි බදු සංශෝධනය එය නොවන බවයි. මේ අතර ලංකා බැංකු සේවක සංගමය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවයි. මේ අතර නව බදු පනත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා. ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වෙලේබොඩ මහතා පැවසුවේ ආණ්ඩුව එක් කළ…

තව කියවන්​න

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනවද නැද්ද යන්න පිළිබඳ නිවැරදි තීන්දුවක් ජනාධිපති, අගමැති හා ආණ්ඩුවේ නායකයින්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් තහවුරු කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දී තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන කුසල ලක්මාල් හේරත් මහතා ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සලකා බැලුනා. ඒ අනුවයි මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ. ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා  එම පැමිණිල්ල ගොනු කර තිබුනා. මෙම නඩුව ලබන මාර්තු 02…

තව කියවන්​න

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කර තිබෙනවා. ඊට  අදාළ පෙත්සම් සලකා බලන තුරු එය  දීර්ඝ කරන ලෙසයි  අභියාචනාධිකරණය නියම කර ඇත්තේ. සිය වැටුප්වලින් අදාළ බද්ද අඩු කිරීම නීතිවිරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙලෙස පෙත්සම් 2ක් ඉදිරිපත් කර  තිබුණා.

තව කියවන්​න

පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ ඛනිජ තෙල් හිගයක් හටගෙන ඇති බව වාර්තා වනවා. පංජාබ් ප්‍රාන්තයේ නගර රැසක ඉන්ධනහල් වල ඛනිජ තෙල් නොමැති වීම හේතුවෙන් දිගු පෝලීම් දක්නට ලැබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ලාහෝර්, ගුජ්රන්වාලා හා ෆයසාලාබාද් යන නගරවලටයි. එම නගරයන් හි ඉන්ධන හල් වලින් 70%ක පමණ ඛනිජ තෙල් නොමැති බවයි වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය තුළදී ඉන්ධන සැපයුම්කරුවන් ඉන්ධන ලබා නොදීම මීට හේතුව වී තිබෙනවා.

තව කියවන්​න