Author: VNews

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ දින 167ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, වසන්ත මුදලිගේ රඳවාගෙන සිටි කාලය තුළ පොලිස් නිළධාරීන් සිදුකරන ලද තර්ජනය කිරීම්, පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හී රඳවා තබා ගැනීම සහ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධව අදාල නිළධාරීන්ට එරෙහිවයි. පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා.

තව කියවන්​න

තුර්කියේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනයේ සිදු කළ මෙහෙයුම් කටයුතුවලදී සුන්බුන් අතර සිරව සිටි අලුත උපන් බිලිදෙකු සහ මවක් සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. භූ කම්පනය සිදු වී පැය 90කට අධික කාලයකට පසුවද ජීවතුන් අතර සිටියදී සොයා ගත් මෙම බිළිදා සහ ඔහුගේ මව රෝහල් ගත කර ඇති බවයි ස්ථාන්බුල් නගරාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. මෙම භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2011 වසරේ මාර්තු මාසයේදී ජපානයේ ෆුකුෂිමා හි සිදු වූ ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

තව කියවන්​න

ලංගම බස් රථයක්  ප්‍රපාතයකට පෙරළීමෙන් අද දහවල් අනතුරක් සිදුව තිබෙනවා. රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී  මෙම බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලිමලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඉන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල වීම් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා  ඔවුන් රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා. රියදුරට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතු වී ඇති බව සඳහන්.

තව කියවන්​න

ඇමරිකාවට ඉහළින් ගමන් කළ චීන බැලූනය හුදෙකලා එකක් නොවන බව ඇමෙරිකාව පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ ඇමෙරිකාවට ඉහලින් ගමන් කරනු ලැබුයේ චීනය විසින් ගුවන් ගත කරන ලද බැලූන රාශියක් අතරින් එකක් පමණක් බවයි. මහාද්වීප පහම ආවරණය වන ආකාරයෙන් චීනය මෙවැනි බැලූන යවා ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙම බැලූන ව්‍යාපෘතියේ ඉලක්කය ඇමරිකාව පමණක් නොවන බව එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සඳහන් කර තිබෙනවා. ජපානය, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, තායිවානය මෙම ව්‍යාපෘතියේ සෙසු ඉලක්ක බවට පත්ව ඇති බව තම විශ්වාසය බවයි ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ ඇමරිකාවට ඉහළින් ගමන් කරමින් තිබූ බැලූනයට වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂක අංශ පසුගියදා පියවර ගනු ලැබුවා. මෙම බැලූනයේ…

තව කියවන්​න

ථේරවාදි බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත්, එය ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති බෞද්ධ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ථේරවාදි බුදු දහම ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගතයුතු තවත් වැදගත් පියවර රැසක් ඇති බවයි. අභිධර්ම පිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම අභිධර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බවත් එහි ඉදිරි කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියා. එමෙන්ම ථේරවාදි බුදු දහම රැකගත් මහා…

තව කියවන්​න

රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ආසනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මේ වන විට තමාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවයි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ. මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ ප්‍රජා අයිතිය හිමි වූ විගස තමන් යළිත් ජනතාව වෙනුවෙන් දේශපාලනයට පැමිණීමට සූදානම් බවයි. ඒ මහතා සඳහන් කරන්නේ තවමත් තමන් වෙත ජනතා ආකර්ෂණය රැඳී පවතින බවයි.

තව කියවන්​න

ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී තිබෙනවා. නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු එම කොටස් දැක  ධීවර දෙපාර්තමේන්තුවට ඒ පිලිබඳ දැනුම් දී තිබෙනවා. ඉන්දීය අභ්‍යවකාශ නිරීක්ෂණ සංවිධානය අද දිනයේදී  පෝලා නැමති චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරනු ලැබුවා. එහි  අබලි කොටස් මෙරට මුහුදු සීමාවට පතිත විය හැකි බවට ඉන්දියාව විසින් මෙරට නාවික හමුදාව ද දැනුවත් කර තිබූ බව සඳහන්. එවැනි අබලි කොටස් කිහිපයක් මෙලෙස ත්‍රිකුණමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සමුද්‍රීය නාවික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නිරීක්ෂණය වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉන්දියාවේ ආන්ද්‍රාහි ශ්‍රී හාරිකොට් ප්‍රදේශයේදී අද පෙරවරු 9.18 ට පමණ මෙම චන්ද්‍රිකාව…

තව කියවන්​න

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුලු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ එහි අගය ඒකක 3ක් ලෙස වාර්තා වී ඇති බවයි. මෙම කම්පනය දිවයිනේ සිය`ඵ භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කම්පනය වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලටද දැනී ඇති බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ , ලෝක ළමා අරමුදලේ ආධාර ඇතිව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය රෝහල් කර යොමු කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් ළමයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දීමට නියමිත බවයි  පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ. එම දරුවන් පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂ අධීක්ෂණයකට යොමු කරන බවද අ ය කියා සිටියා.

තව කියවන්​න

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට දින මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය…

තව කියවන්​න