Author: VNews

තුර්කියේ භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින තුර්කි වැසියන්ට සහන සැපයීම ඉන්දියාව කඩිනම් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව මේ වන විටත් තුර්කියේ අදානා නුවර මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ . අන්කාරා අගනුවර පිහිටි තුර්කියේ ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශවල සහන මෙහෙයුම් සදහා ඉන්දියාව සිය සහය ලබා දෙමින් සිටිනවා. ආපදාකාරී තත්ත්වය හමුවේ සහය ඉල්ලා තුර්කියෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බවත්, ඉන් පැය 12 ක් ඇතුළත තුර්කියට සහන සේවා සැපයීමට පියවර ගත් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.

තව කියවන්​න

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වී තිබෙනවා . කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී තිබෙන බව සදහන්. විජේදාස රාජපක්ෂ මහතා ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එම කරුණු වන බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නව දේශපාලන බලයක් ගොඩනැගෙමින් පවතින බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත මහතා පවසනවා. සීගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනතාව මුලා කළ දේශපාලන යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද ලක්ෂ්මන් වසන්ත මහතා මෙහිදී සදහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ද මෙහිදී අදහස් පලකළා. මැතිවරණ වියදම් පාලනය කිරීම පිළිබදව මෙහිදී මහලේකම්වරයා නිදහස් පක්ෂ මැතිවරණ අපේක්ෂකයින් දැනුවත් කළා. මේ අතර ජාතික ජන බලවේගයේ නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පල කලා

තව කියවන්​න

සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සදහන්. මෙම මාර්ගයේ වව්නියාව සහ අනුරධපුරය අතර ඉදිකිරීම් කටයුතු ඉන්දියානු සමාගමකට ලබා දී ඇති අතර එම සමාගම තවත් සමාගම් කිහිපයකට උප කොන්ත්‍රාත් ලබා දී තිබේන බව සදහන් . එම උප කොන්ත්‍රාත් ලබා ගත් සමාගම් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ට සහ වෘත්තීය සමිති වල සාමාජිකයින්ට අයත් බව වාර්තා වනවා . මේ තත්ත්වය යටතේ මෙම ව්‍යාපෘතියට ලබා දී ඇති උපකරණ ද අස්ථාන…

තව කියවන්​න

පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. වාහන අනතුරු හේතුවෙන් ජීවිත හානි සිදුවීම, නිරන්තරයෙන් මාර්ගවල අධික වාහන තදබදයක් පැවතීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සදහන් . මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් මීට අදාළ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කොළඹ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය ඇතුළු ආයතන කීපයක් එම සාකච්ඡාවට සහභාගි වී තිබේන බව සදහන්. ඊට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් දින 30ක් ඇතුළත ලබා දෙන ලෙස ද කොමිෂන් සභාව එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22 ක මුදලක් අවශ්‍ය බවයි එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ . කෙස්වෙවෙතත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5 මුදලක් පමණක් බව ඔහු සඳහන් කලා.

තව කියවන්​න

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24,000ට ආසන්න වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ, දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27,300 ඉක්මවා ගොස් ඇති බව යි . මේ අතර, සිරියානු රජය ජාත්‍යන්තර ආධාර සඳහා කැරලිකරුවන් විසින් පාලනයට කරනු ලබන ප්‍රදේශය වෙත යාමට අවසර ලබා දුන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේනවා . එක්සත් ජාතීන්ගේ මනවහිමිකම් අයිතිවාසිකම් ප්‍රධානියා  ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස සිරියාවෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව සදහන්.

තව කියවන්​න

සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනය පවසනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂයට මේ පිලිබන්ද නිරීක්ෂණය වී ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ සිදු කරන බවයි. මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේනවා . ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් ඇති බවයි එම වැඩසටහන පවසන්නේ. ලෝක ආහාර වැඩසටහන සදහන් කරන්නේ , සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට යොමු වී ඇති බවයි. එම වැඩසටහන දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇත්තේ මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවයි. 2019 දී රටේ ආහාර අනාරක්ෂිත මට්ටම 9.1%ක් වූ අතර පසුගිය මාස 4 තුළ දත්ත අනුව ආහාර සුරක්ෂිතතා මට්ටම් 30% ඉක්මවා තිබේනවා .

තව කියවන්​න

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා දිනකට ගෙවන මුදල ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි සභාපති පුජ්‍ය යාලවල පඥා සේකර හිමියන් පවසන්නේ උසස් පෙළ විභාගය අවසන් වූ වහාම උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ හේතුවෙන් ඊට පෙර පරීක්ෂකවරුන් සඳහා ගෙවන දෛනික දීමනාව ඉහල නැංවීමට කටයුතු කරන්නෙයි උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න