Author: VNews

පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද යෙදී තිබෙනවා. ඒ අනුව එහි ප්‍රධාන උත්සවය අද පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳුවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය වන නිමාවට පත් වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා අද දිනයේදී ලකුණු 430ක ඉලක්කයක් හිව තිබෙනවා. එංගලන්ත දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලෝඩ්ස් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර, ඔහු ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 1,592ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 645ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 881ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙම පැමිණිලි වලින් 1,526 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 332ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 377ක් ලෙසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර තිබෙනවා. මේ අතර ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

තව කියවන්​න

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට විරුද්ධව මේ වනවිට නඩු 100කට ආසන්න සංඛ්‍යාවක් ගොනුකර තිබෙනවා. ඒ. තවත් මිනීමැරුම් චෝදනා පහක් ගොනු කිරීමත් සමගයි. ඉන් නඩු 4ක් ඩකා මහාධිකරණයේ හා අනෙක් නඩුව රාජ්ශාහි අධිකරණයේ ගොනු කර ඇති බව ද සඳහන් වෙනවා. විරෝධතා අතරතුරදී පසුගිය 3 වනදා දුලාල් හෙවත් සෙලීන් නමැත්තා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශෙයික් හසීනා ඇතුළු 48 දෙනෙකු වගඋත්තරුවන් ලෙස නම් කරමින් මීට පෙර නඩු පවරා තිබුණා.

තව කියවන්​න

2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 143,622ක පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණි පිරිසෙන් 19.5%ක්ම ඉන්දියාවේ සිට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. එම සංඛ්‍යාව 27,999ක්.

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුතම රට බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. දෙමටගොඩ පැවති ජන හමුවකදී ඔහු ඉල්ලා සිටියේ රටේ තරුණ ප්‍රජාවට එම වැඩපිළිවෙළ හා සම්බන්ධ වන ලෙසය.

තව කියවන්​න

නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන් සිදුවන්නේ නැවත රට 2022 වසරේ පැවති තත්ත්වයට පත්වීම බවය. කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තව කියවන්​න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය රැස් වී නීතිඥ සභාව ඒකමතිකව යෝජනා සම්මතයෙන් අනතුරුවයි. ජයිකා ආයතනය විසින් අරමුදල් සපයන ලද දූෂණ විරෝධී වැඩසටහන සඳහා වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකුට එල්ල වු චෝදනාවක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

තව කියවන්​න

පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරන බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (30) හෙට්ටිපොළ දී බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවැති හමුවකදී.

තව කියවන්​න