Author: VNews

තුර්කිය භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ දක්වා මරණ 28000 ඉක්මවාව ඇති බවයි. තුර්කිය සහ වයඹ දිග සිරියාවේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 2011 වසරේ මර්තු මාසයේ ජපානයේ සිදුවු ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සේල්වරාජා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරයි මන්ත්‍රිවරයා ඇතුළු 18කු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා. සෙල්වරාජා කජේන්ද්‍රන් අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා . පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමග දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් ආරම්භ කිරීමටයි කටයුතු කලේ . ඒ අනුව, පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබුණා . ඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේ.

තව කියවන්​න

ඉන්දියාවේ පවතී තුන් වන අන්තර්ජාතික ” රංග සේනා ” නාට්‍ය උළෙලේදී ”රංග නාට්‍ය ශාස්ත්‍ර ” නැමැති සුවිශේෂී ගෞරව සම්මානය හිමිකරගත් දේවින්ද වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. මෙම නාට්‍ය උළෙල පසුගිය දෙවනද සිට හය වනදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැත්වුනා. එයට නේපාලය , ඉන්දියාව ,පකිස්තානය , ඉතාලිය යන රටවල නාට්‍යවේදීන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුනා . මෙම නාට්‍ය 2015 වසරේ ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී හොදම නාට්‍ය ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන ඇති අතර , 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගැයීමට ද පාත්‍ර වී තිබෙනවා. දේවින්ද වික්‍රමසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කළාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙකි .

තව කියවන්​න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා . කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පලකලේ . ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23 සහ 24 යන දිනවලදි සිදුකළ හැකි බවයි . මේ අතර ඊයේ දිනයේදීත් පැවැත්වීමට නියමිත මැතිවරණය මැතිවරණය සම්බන්ධ විවිධ අදහස් පල වුණා . මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සමගි ජන බලවේග පක්ෂයේ නායක සහ…

තව කියවන්​න

මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. බාහිර රෝගී අංශ මගින් ලබාදෙන ඖෂධ රැසක් මේ අතරට ඇතුළත් බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව මහතා කියා සිටියේ . ඒ අනුව, ඇස්ප්‍රීන්, ඉන්සියුලීන්, මෙට්ෆොමින් සහ මූලික වේදනා නාශක මෙන්ම කුඩා ළමුන්ට ලබාදෙන සිරප් වර්ග හිඟ වී ඇති බවද ඔහු සදහන් කළා . මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු නිසි ආකාරව සිදු නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා . ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට…

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඩර්බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසළදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහු සමඟ සිටි මිතුරෙකු ද මියගොස් ඇති බව සඳහන්. ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන රැසක් හිමිකරගත් ගායකයෙකු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 35 හැවිරිදි ඔහුගේ නවතම ඇල්බමය වන මාස් කන්ටීර මේ මස අග දී නිකුත් කිරීමටයි නියමිතව තිබුණේ.

තව කියවන්​න

බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . බරවා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා පෙන්වා දෙනවා .

තව කියවන්​න

චීන ගුවන් සේවා සහ තාක්ෂණ සමාගම් කිහිපයකට අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තහනමක් පනවා තිබෙනවා. මෙලෙස විශේෂ බලපත්‍රයක් නොමැතිව අමෙරිකානු තාක්ෂණය ලබා දීම තහනම් කර ඇත්තේ චීන සමාගම් පහකටයි. එමෙන්ම එක් චීන පර්යේෂණ ආයතනයක් සදහා ද මෙම තහනම බලාත්මක වනු ඇති. බුද්ධි අංශ ඔස්තු සේවා යටතේ ක්‍රියාත්මක චීන හමුදා වැඩසටහන් සදහා මෙම ආයතන සහය ලබා දී ඇති බවට අමෙරිකාව චෝදනා කරනවා.

තව කියවන්​න

මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කලා. වැල්ලවාය නගරය ආසන්නයේ අද උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුනා . මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ දහවල් භූ චලන දෙකක් ඇති වුනා . ඒ, රික්ටර් මාපාංක 3 ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසියි .

තව කියවන්​න