- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
- අමාත්‍ය විජිත අධිකරණයට එයි
- අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
- ලංකාවේ තාවිට ඉහළ තැනක්
- ෙශ්‍රී ලංකා රජය හා ජපානය අතර සංශෝධන ගිවිසුමට කැබිනට් අනුමැතිය
- පොල් මද ආශ්රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය
Author: VNews
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේනවා . ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමින් . ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ අරමුදල් නිදහස් කිරීමෙන් සහාය දක්වන ලෙසයි .
තුර්කි භූකම්පනයෙන් මිය ගිය රී ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගෙන තිබෙනවා. භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ . අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන ඇති බව වාර්තා වනවා. මියගිය කාන්තාව මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් .
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින සබඳතා තවදුරටත් තර කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා කර ඇති බව සදහන්. ඒ නායකයින් දෙපළ අතර පැවැති දුරකතන සාකච්ඡාවකදීයි. බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සාකච්ඡාවක නිරත වූ දෙවන අවස්ථාව මෙය වනවා. දුරකතන සාකච්ඡාව විනාඩි 20 ක කාලයක් පුරා පැවැති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එහිදී අධි තාක්ෂණ, ආර්ථිකය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සම්බන්ධතාව තීව්‍ර කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නායකයින් දෙපළ වැඩි වශයෙන් අවධානය යොමු කර තිබුණා.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 1,466 ශත 76 ක් ලෙස දැක්වුනා. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රුපියල් 704 ශත 67 ක වැඩි වීමක් .
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල කඩිනමින් ලැබෙන බවත් , එම මුදල ලැබුණු පසු ඩොලරයේ වටිනාකම මෙරට තුළ අඩු වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මෙරට ඩොලරයේ වටිනාකම අඩුවීම තුළින් ඉහළගොස් ඇති භාණ්ඩ මිල සීග්‍රයෙන් පහළ බසින බවයි ඔහු පැවසුවේ. නාවලපිටියේ පැවති ජන හමුවකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා.
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිවයි. කේප්ටවුන්හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 10.30ට ආරම්භවීමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වු පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. මේ අතර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්වුණා. එහිදී කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එංගලන්තයත්, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඔස්ටේ්‍රලියානු කණ්ඩායමත් ජයග්‍රහණ හිමිකර ගත්තා.
මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කිරීම විශ්වවිද්‍යාල මහචාර්යවරුන් සහ ආචාර්යවරුන් වර්ජනය කිරීම හේතුවෙනුයි. මෙවර එම කටයුතුවලට සිය සාමාජිකයින් එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිවයි. රජය විසින් එය ඉවත් කරගන්නා තෙක් විභාග රාජකාරී සදහා එක් නොවන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහන් කළේ.
බිත්තර ආනයනය කිරීම කෙරෙහි රජය යළි අවධානය යොමුකර තිබෙනවා. වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරිය සතිය තුළ බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි. උත්සව සමය තුළ බිත්තර හිගයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බිත්තර හිගයක් පවතින බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය සදහන් කළා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට සුළි කුණාටුවක අවදානම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හැකි ඉක්මණින් නගරවාසීන්ට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි එරට කාලගුණ විද්‍යා අංශ දැනුම්දී ඇත්තේ. මේ වනවිට ගේබි්‍රයෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා . පසුගිය මාසයේ වාර්තාගත වර්ෂාවක් ඕක්ලන්ඩ් නගරයට පතිත වූ අතර,එයින් ඇති වූ ජලගැලීම් හේතුවෙන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා .
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල් වෙත දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇත්තේ වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය නොහැකි ශල්‍යකර්ම මෙලෙෂ කෙටි කාලයක් සදහා ප්‍රමාද කරන ලෙයසි. කේසේතෙත් අත්‍යවශය සැත්කම් සියල්ල නියමිත පරිදි සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222