- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
- ගුරුවරියක් ළිඳකට වැටී මරුට
- ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අනතුරක්
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණයේ පෙනී සිටින්නැයි නාමල්ට සිතාසි
- උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
Author: VNews
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ(12) රාත්‍රීයේ පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රි ලංකා ආරම්භක පිතිකාරණි හර්ෂිතා සමරවික්‍රම සහ මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන්. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තිරණය කරනු ලැබුවා. ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු අටක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි. බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Sobhana…
අද දිනයේදී කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර තිබෙනවා. රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්. ඒ අනුව පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක්, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් මෙලෙස අවලංගු වුණා. මීට අමතරව පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය විමට නියමිතව…
ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් මෙවර ගුවන් විදුලි දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ ”ගුවන් විදුලිය සහ සාමය” යන්නයි. එමෙන්ම රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ද හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘවරයා වනවා.
තුර්කිය භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ථ පුද්ගල මරණ සංඛ්‍යාව 34,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නිර්නාමික පුද්ගලයෙක් විසින් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සදහා සහන සැලසීමට ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කර ඇති බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සදහන් කර තිබෙනවා.
ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් අලුතින් නීතිපනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු බිලියන 200 ඉක්මවා ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා . ඔහු මේ බව පැවසුවේ දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් .
පවතින ජීවන වියදම සමග වී කිලෝවක් රුපියල් සීයට මිලදී ගැනීම සාධාරණ නොවන බව එක්සත් සහල් හිමියන්ගේ සංගමය පවසනවා . වී කිලෝවක් රුපියල් 100ට නොව 110 ට මිලට ගත යුතු බවත් එය දිස්ත්‍රික්ක ලේකම්වරුන් හරහා නොව වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක විය යුතු බව එම සංගමය අවධාරණය කලා. ජනාධිපතිවරයා නිල වශයෙන් වී මිලදී ගැනීම පිළිබඳව නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති කුසුම් මුදිත් පෙරේරා මහතා පොළොන්නරුවේදී මේ බව ප්‍රකාශ කළා. රජය විසින් මෙවර නාඩු වී පමණක් මිලයට ගන්නා බවත් සම්බා කීරි සම්බා මිලයට නොගන්නා බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසුවා .
දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ නිළධාරීන් හමුවන දෙවන අවස්ථාව මෙයයි. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අනිද්දා තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු භාරගන්නා බවයි . මේ අතර පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ඇතැම් කණ්ඩායම්වලින් එම බාධා කිරීම් වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක්…
දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අනිද්දා සිට ලබන 22 වැනිදා දක්වා වන සතියක කාලයේ මෙම ණය හා ආධාර වැඩසටහන් වල ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන් කිරීමට වහා පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා . කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹූ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ . කෙසේවෙතත් 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි අමත්‍ය ප්‍රසන්න රණතුංග…
ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට කල ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කලා. දේශීය අර්තාපල් අස්වැන්න නෙළන සෑම අවස්ථාවකම…
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට තිරණය කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු 8.00 ට හෙට පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ. රත්තොට, කයිකාවල සහ වේරගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222